මැතිවරණ කොමිශන් සභාව විසින් නාමයෝජනා ප්‍රතික්ෂේප කරනු ලැබූ අශේන් සේනාරත්න සම්බන්ධයෙන් පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව ප්‍රජාතන්ත්‍රීක ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යයන ආයතයේ මංජුල ගජනායක මහතා පවසයි.
ඔහු තවදුරටත් සඳහන් කළේ මැතිවරණ කොමිෂන් සභාව සිය නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීමට ගත් තීරණය ශ්‍රේෂ්ඨාධිකරණය විසින්ද අනුමත කර ඇති පසුබිමක අශේන් වෙනත් ස්වාධීන කණ්ඩායමක ජාතික ලැයිස්තුවෙන් තරඟ කරන බව පවසමින් විශාල ප්‍රචාරණ ක්‍රියාවලියක නිරත වෙන බවය.
මෙය පැහැදිලිවම අධිකරණයට අපහාස කිරීමක් මෙන්ම ඔහුගේ හැසිරීම අයුතු බලපෑම යන වරටද යටත් වන බව මංජුල ගජනායක මහතා අවධාරණය කරයි.
“තමන්ට ඡන්දය ලබා දෙන ලෙස හෝ වෙනත් තැනකට ඡන්දය ලබා නොදෙන්නැයි විවිධ උපක්‍රම භාවිත කරමින් අයුතු බලපෑම් කිරීමට කිසිවෙකුටත් හැකියාවක් නැහැ. මැතිවරන කොමිසමේ තීරණය අධිකරණය මඟින් මේ වන විටත් සනාථ කර තිබියදී වෙනත් දේශපාලන පක්ෂයකින් ඉල්ලනවා යැයි කීම අධිකරණයට අපහාසයක්. මෙවැනි ව්‍යාජ තරුණ ප්රචාරකයින් උත්කර්ෂයට නංවන්නට එපා. තරුණ දේශපාලන නියෝජනය කියන්නේ මේක නෙමෙයි. මොහු සමහරවිට අදාළ ස්වාධීන කණ්ඩායමෙන් මුදල් ලබාගෙන වෙන්නට පුළුවන්, එම නිසා අපි මේ වන විටත් ඒ සම්බන්ධයෙන් පැමිණිල්ල්ලක් ඉදිරිපත් කරලා තියෙන්නෙ පොලීසියට මේ සම්බන්ධයෙන් සොයා බලන්න”