Connect with us

පුවත්

අශෝක් හා ආසිරි අධ්‍යක්ෂ නඩේට පක්ෂව තීන්දුව දුන්නැයි වැඩබලන විනිසුරුවරියට විමර්ශනයක්!

Published

on

මාලිගාකන්ද ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය වන ලෝචනී අබේවික්‍රම වීරසිංහ මහත්මිය නිවාඩු ලබාගත් අවස්ථාවේදී වැඩ බැලීමට පත් කළ මහේස්ත්‍රාත්වරිය කොළඹ ආසිරි රෝහලට හා එහි අධ්‍යක්ෂමණ්ඩලයට වාසි සහගතවන අන්දමින් කටයුතු කරමින් වෘත්තීය විශමාචාරයක් කර ඇද්ද? යන්න සෙවීමට අධිකරණ සේවා කොමිසම විසින් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

ජාතික ඖෂධ නියාමන අධිකාරි පනතට අනුව ඖෂධ සඳහා පනවා ඇති උපරිම සිල්ලර මිල ඉක්මවා ඖෂධ 11ක් අලෙවි කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල කරමින් කොළඹ ආසිරි රෝහල හා එහි අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව ගොනුකර තිබූ නඩුවකදී වැඩබලන මහේස්ත්‍රාත්වරිය එක් පාර්ශවයකට අගතියක් වන ආකාරයට කටයුතු කර ඇති බව පවසමින් අගතියට පත් පාර්ශවය වන සනත් අතුකෝරාල නැමැත්තකු සිදුකළ පැමිණිල්ලකට අනුව අධිකරණ සේවා කොමිසම මේ විමර්ශනය ආරම්භ කර තිබේ.

එහිදී වැඩබලන මහේස්ත්‍රාත්වරිය ලෙස කටයුතු කළ හිමාලි ඒකනායක මහත්මිය හා අදාළ පෞද්ගලික රෝහල වෙනුවෙන් මෝසම ඉදිරිපත් කළ නීතීඥ ධනුෂ්ක වීරසිංහ මහතා එකම නීතීඥ කණ්ඩායමක සාමාජිකයන් බවද පැමිණිලිකරු විසින් අධිකරණ සේවා කොමිසමට දුන් පැමිණිල්ලේ සටහන්ව ඇත.

මලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ විභාගවූ නඩුවේ විත්තිකරුවන් ලෙස ආසිරි හොස්පිට්ල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී ආයතනය, එහි අධ්‍යක්ෂවරුන් වන විශාල් බාලි, අශෝක කාරියවසම් පතිරගේ, අන්කුර් නාන්ද් තදානි, කරුණාමුනි මංජුල ප්‍රසන්න කරුණාරත්න, සුදර්ශන් අහංගම, ගාර්දියර් ලොකුගේ හැරීස් ප්‍රේමරත්න, සිවකුමාර් සෙල්ලයියා, හරේෂ් කුමාර් කයිමාල්, අජිත් කරුණාරත්න හා බී.ඩී. සදතිසරු (සහකාර කළමනාකාරීනී බිල්පත්) ඇතුළු පිරිසක් නම්කර සිටියහ.

මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ පැවැති නඩුවේදී වැඩබලන මහේස්ත්‍රාත්වරිය විසින් ජාතික ඖෂධ නියාමන අධිකාරි පනතට අනුව ඖෂධ සඳහා පනවා ඇති උපරිම සිල්ලර මිල ඉක්මවා ඖෂධ 11ක් අලෙවි කිරීම සම්බන්ධයෙන් නගා තිබූ චෝදනා සියල්ලටම වරද පිළිගත් ආසිරි මෙඩිකල් රෝහලේ අධ්‍යක්ෂ මණ්ඩලයට නියමකරනු ලැබුවේ රුපියල් 25,000/- ක දඩ මුදලකි.

පසුව, ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය විසින් ආසිරි හොස්පිට්ල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී ආයතනය ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය නැවැත අධිකරණය හමුවට කැඳවූ අතර ඊට එරෙහිව එම රෝහල හා අධ්‍යක්ෂ මණ්ඩලය මාලිගාකන්ද ප්‍රධාන මහේස්ත්‍රාත්වරියව වගඋත්තරකාරියක් කරමින් අභිවයාචනාධිකරණයේ නඩුවක් ගොනුකළේය.

සබැඳි පුවත්:

අශෝක් හා ආසිරි අධ්‍යක්ෂ නඩේ විනිසුරුවරිය වගඋත්තරකාරියක් කළ නඩුව 12දාට කල්යයි 
අශෝක් හා ආසිරි අධ්‍යක්ෂ නඩේ උසාවි කැ‍‍දෙව්වට විනිසුරුවරිය වගඋත්තරකාරියක කරලා 

මෙතෙක් නොආ අශෝක පතිරගේ ඇතුළු ආසිරි අධ්‍යක්ෂ මණ්ඩලය අද අධිකරණය හමුවට 

අශෝක් පතිරගේ හා ආසිරි රෝහල් ලොක්කන්ට දුන් තීන්දුව ගැන මහේස්ත්‍රාත්වරිය පුදුම වෙයි 

වැඩිමිලට බෙහෙත් විකුණූ ආසිරි රෝහල් අධ්‍යක්ෂ මණ්ඩලයට දඩ 

අශෝක පතිරගේ ඇතුළු ආසිරි අධ්‍යක්ෂ මණ්ඩලය අද අධිකරණය හමුවට

ආසිරි හොස්පිට්ල් බෙහෙත්වලින් ගිණිකාලා අධ්‍යක්ෂවරු උසාවිය‍ට‍ 

පුවත්

72 වන ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට

Published

on

By

අද (මැයි 31) ඉන්දියාවේ හයිද්‍රාබාද් හි පැවති 72 වන ලෝක රූ රැජින තරඟයෙන් ජයගැනීමට තායිලන්තයේ ඕපාල් සුචාතා මෙනවිය සමත් විය. 

දෙවැනි ස්ථානය ඉතියෝපියාවට ද තෙවැනි ස්ථානය පෝලන්තයට ද හිමිවිය. සිවුවැනි ස්ථානය හිමිවූයේ මාටිනික් වෙතටයි.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී විශිෂ්ට දස්කම් දැක්වූ ශ්‍රී ලංකාවේ අනුදි ගුණසේකර, තරගාවලියේ අවසන් 40දෙනා අයත් වන අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබීමට නොහැකි විය.

Continue Reading

පුවත්

ආසියාවේ පැතිර යන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේත්

Published

on

By

ආසියානු කලාපයේ මේ දිනවල පැතිරයමින් පවතින කොවිඩ් ප්‍රභේදය මෙරටින් ද හදුනාගෙන ඇති බව වෛද්‍ය පර්යේෂණ ආයතනය පවසයි.

වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෛරස රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ මහතා සදහන් කළේ ඔමික්‍රෝන් වෛරසයට අදාල අනු ප්‍රභේදයන් වන එල් එෆ් පොයින්ට් සෙවන් සහ එක්ස් එෆ් ජී යන අනු ප්‍රභේදය ආසාදිත රෝගීන් මෙරටින් වාර්තා වන බවය.

දිවයිනේ රෝහල් කිහිපයකින් ලබාගත් ජෛව සාම්පල වෛද්‍ය පර්යේෂණ ආයතනයට ලබාගෙන සිදු කළ පර්යේෂණ වලින් මේ බව තහවුරු වී ඇති බව විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ මහතා පැවසීය.

කෙසේ වෙතත් මෙම කොවිඩ් අනු ප්‍රභේද සම්බන්ධයෙන් අනිසි බියක් ඇති කරගත යුතු නොමැති බවද ඔහු අවධාරණය කළේය.

අවදානමට ලක්විය හැකි කාණ්ඩ ලෙස හදුනාගෙන ඇති ගර්භණී මව්වරුන්, වැඩිහිටියන් හා නිදන්ගත රෝගීන් මුඛ ආවරණ පැලඳීම, ජනතාව වැඩි වශයෙන් ගැවසෙන ස්ථානවල රැඳී නොසිටීම යනාදී සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම වැදගත් බවද සෞඛ්‍ය අංශ පෙන්වා දී තිබේ.

කොවිඩ් වෛරසයේ නව ප්‍රභේද විටින් විට පැතිර යන අතර මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ නිරන්තර අවධානයෙන් පසුවන බැවින් ඒ පිළිබඳව අනිසි බියක් ඇතිකර නොගත යුතු බවද විශේෂඥ වෛද්‍ය ජුඩ් ජයමහ මහතා සදහන් කළේය.

මේ අතර ගාල්ල ජාතික රෝහලේ දී පසුගියදා මියගිය මාස එකහමාරක් වයසැති බිලිඳෙකුටද කොවිඩි ආසාදනය වි ඇති බවටද හඳුනාගෙන තිබේ.

අද දෙරණ සිදුකළ විමසීමකදී රෝහලේ අධ්‍යක්ෂවරයා පැවසුවේ අදාළ බිලිදාගේ ජෛව සාම්පල පරික්ෂාවකට කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනයට යොමුකිරිමෙන් අනතුරුව ඒ බව තහවුරු වි ඇති බවය.

කෙසේ වෙතත් එම වෛරසය ආසියාවේ මේ දිනවල පැතිරයමින් පවතින නව ප්‍රභේදය බවට හඳුනාගෙන නොමැති බවද ඔහු සදහන් කළේය.

(අදදෙරණ)

Continue Reading

පුවත්

අනුදි, අවසන් 40න් හැලෙයි

Published

on

By

2025 ලෝක රූ රැජින තරගාවලියේ අවසන් තරගකාරියන් 40 දෙනා අතරට එක්වීමට ශ්‍රී ලංකා නියෝජනය කළ සුරූපිනිය අනුදි ගුණසේකරට නොහැකි විය.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී ශ්‍රී ලංකාවට අභිමානයක් අත් කර දෙමින් අනුදි දස්කම් දැක්වූවාය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved