දිළිඳුකම පිටුදැකීම සඳහා ලෝක බැංකුව ශ්‍රී ලංකාවට ලබාදුන් ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක ආධාර යටතේ ක්‍රියාත්මක කළ අස්වැසුම සමාජ ආරක්ෂණ වැඩසටහන නිසි පරිදි ක්‍රියාත්මක නොවන්නේ යැයි ඇම්නෙස්ටිය ඉන්ටර්නැෂනල් ආයතනයේ ”ඇක්ෂන් ස්පීක් ලවුඩර් දෑන් වර්ඩ්ස්” නමින් හඳුන්වා ඇති නවතම වාර්තාව මගින් පෙන්වා දී තිබේ.
LIRNEasia ආයතනයේ අධ්‍යයනයන්ට අනුව, දරිද්‍රතා රේඛාවට පහළින් සිටින පවුල් හඳුනාගැනීම සඳහා යෝජිත සූත්‍රය අනුව 47% ක් වැනි විශාල පිරිසක් එයට ඇතුළත්ව නොමැත. ඒ අනුව මිලියන 2කින් හඳුනාගෙන ඇත්තේ මිලියන 1.1ක් පමණ ප්‍රමාණයක් බවද එම වාර්තාව පෙන්වා දෙයි.
අස්වැසුම වැඩසටහනේ නිර්ණායක අනුව මෙම වැඩසටහන ඔස්සේ සහාය අවශ්‍ය විශේෂිත කණ්ඩායමක් වන ගැබිනි සහ කිරි දෙන මව්වරුන් ඇතුළත් කර නොමැති බවද එම වාර්තාව පෙන්වා දෙයි ඔවුන් සඳහා ලබා දෙන ආහාර අතිරේකයක් වන ත්‍රිපෝෂ ලබාදීමද පසුගිය සමයේ නතර වූ අතර රජයේ අරමුදල් හිඟය හේතුවෙන් ඔවුනට ලබා දී ඇති ආහාර වවුචරවලින් අවශ්‍ය ද්‍රව්‍ය ලබාගැනීමටද නොහැකි වී තිබේ.
මෙම වාර්තාව සකස් කරන කාලයේ මෙම වැඩසටහන සම්බන්ධයෙන් විරෝධතා 217,000ක් සහ අතර අභියාචනා 800,000ක් ඉදිරිපත්ව තිබූ බවද එම වාර්තාව සඳහන් කරයි.
(දේශය)