අස්වැසුම ප්‍රතිලාභී යෝජනා ක්‍රමය සඳහා මේ දක්වා අයැදුම් කිරීමට නොහැකි වූ පවුල් හා පුද්ගලයන් හට ඊට අයැදුම් කිරීමට 2024.11.25 සිට 2024.12.02 දා දක්වා කලින් ලබාදුන් සහන කාලය තවදුරටත් දීර්ඝ කිරීමට තීරණය කර තිබේ.
මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යංශය විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක දැක්වෙන්නේ මෙම සහන කාලය 2012.12.09 දක්වා දීර්ඝ කර ඇති බවයි.
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්, අස්වැසුම වැඩසටහනට ඉල්ලුම් කිරීමට බලාපොරොත්තු වන ජනතාවට සහනයක් ලබාදීමේ අරමුණෙන් මෙම තීරණය ගෙන තිබේ.