පුවත්

අස්වැසුම ප්‍රතිලාභින්ට දැනුම්දීමක්

Published

on

ප්‍රතිලාභ බැර කිරීමට බැංකු ගිණුමක් නොමැති අස්වැසුම ප්‍රතිලාභීන්ට බැංකු ගිණුමක් විවෘත කරන්නැයි සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය දැනුම් දෙයි.

එම මණ්ඩලය සඳහන් කළේ, අස්වැසුම පළමු අදියරේදී සුදුසුකම් ලැබූ 6,000කට ආසන්න පිරිසක් බැංකු ගිණුම් විවෘත නොකිරීම හේතුවෙන් අස්වැසුම ප්‍රතිලාභ නොලබන බවය.

ජාතික හැඳුනුම්පත නොමැතිවීම හේතුවෙන්, බැංකු ගිණුම් විවෘත කිරිමට නොහැකි පිරිස් ඒ අතර සිටින බව, සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පෙන්වා දෙයි.

ජාතික හැඳුනුම්පත නොමැති වුව ද බැංකු ගිණුම් විවෘත කිරිමට අවස්ථාව සලසා ඇති බවත්, එහිදී කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල දැනුවත් කර ඇති බවත්, සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කලේය.

ඒ අනුව බැංකු ගිණුම් නොමැති අස්වැසුම ප්‍රතිලාභින් ලබන 27 වැනිදාට පෙර ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලින් ලබා දෙන ලිපිය ලබා ගෙන , බැංකු ගිණුම් විවෘත කළ යුතු බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩල දැනුම් දෙයි.

Trending

Exit mobile version