සාමයේ පණිවුඩය ලොවට ගෙන ආ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සමරන අසිරිමත් නත්තල අදට ( 25 ) යෙදී තිබේ.
ලොව පුරා වෙසෙන කෝටි සංඛ්‍යාත කිතුනු භක්තිකයෝ නත්තල මහත් උත්සවශ්‍රීයෙන් සමරනු ලබයි.
ප්‍රධාන නත්තල් දේව මෙහෙය අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් කටාන හල්පෙ ශුද්ධවූ ෆ්‍රැන්සිස් ක්ෂේවියර් දේවස්ථානයේ දී ඊයේ (24) මධ්‍යම රාත්‍රියේ දී පැවැතිණි.
ඊට සමගාමීව කොළඹ කොටහේනේ සාන්ත ලුසියා ආසන දෙව්මැදුර, බොරැල්ලේ සියලු සාන්තුවරයන්ගේ දෙව්මැදුර, පොල්වත්තේ ආසන දෙව්මැදුර, කොළඹ කොච්චිකඩේ සාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානය, පිටකොටුවේ පිලිප්නේරි දේවස්ථානය ඇතුළු දිවයිනේ සියලු දේවස්ථානවල දී රාත්‍රි දේව මෙහෙයයන් පැවත්විණි.
එමෙන්ම අද පෙරවරුවේ ද සියලු දේවස්ථානවල දී නත්තල් දේව මෙහෙයයන් පැවැත්වේ.
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ සහභාගි වූ නත්තල් දේව මෙහෙය වතිකානයේ සාන්ත පීතර බැසිලිකාවේ දී පැවැත්වීමට නියමිත ය.