ආගමික සංහිඳියාවට තර්ජනයක් වන සියලු ක්‍රියාවන්ට එරෙහිව ක්‍රියාත්මක වීමට අවශ්‍ය නව නීති ගෙන එන බව බුද්ධශාසන සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා ප්‍රකාශ කළේය.
භාෂණය හෝ ආගමික නිදහසට මුවාවී කිසිඳු ආගමකට අපහාස කිරීමට කිසිවෙකුටත් අයිතියක් නොමැති බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.
බුද්ධශාසන සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා මෙම අදහස් පළ කළේ, ජනාධිපති මාධ්‍යය කේන්ද්‍රයේ අද (05) පැවති “ස්ථාවර රටකට සැවොම එක මගකට” ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.