පුවත්

ආණ්ඩුවේ  මන්ත්‍රීලාට රටයාම තහනම්; 28දා තීරණාත්මක රැස්වීමක්

Published

on

මේ මාසයේ අවසන් සතියේදී ආණ්ඩු පක්ෂයේ සියලු මන්ත්‍රිවරු කොළඹ ආසන්නයේ රැඳී සිටිය යුතු බවට ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක කාර්යාලය විසින් දැනුම්දීමක් කර ඇතැයි වාර්තා වේ.

ඒ ලබන 28 වැනි බදාදා පස්වරු 5 ට ආණ්ඩු පක්ෂයේ සියලු මන්ත්‍රිවරුන්ගේ සහභාගිත්වයෙන්  විශේෂ රැස්වීමක් පැවැත්වීමට නියමිතව බැවිනි.

මෙම සාකච්ඡාව ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත බවද පැවසේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයන් අතර පසුගියදා සාකච්ඡාවක් පැවැති අතර, ඊට එම පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා ද සහභාගි විය.

එහිදී මෙම විශේෂ සාකච්ඡාව පැවැත්වීම පිළිබඳව තීරණය ගෙන ඇතැයි ද වාර්තා වේ.

සබැදි පුවත්

ජනපතිගේ රැස්වීම මහින්ද, නාමල්, ජොන්ස්ටන් ඇතුළු පිරිසක් මගහරියි

Trending

Exit mobile version