ආදිවාසී නායක ඌරුවරිගේ වන්නියලැත්තෝ විසින් ඉදිරිපත් කර ඇති රිට් පෙත්සමක් සැප්තැම්බර් මස 8දා විභාගයට ගැනීමට අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් නියම කර තිබේ.
ඔහු එම පෙත්සම ගොනුකර තිබුණේ රඹකැන්ඔය ප්‍රදේශයේ පිහිටි සිය පාරම්පරික නිජබිම් හෙළිපහෙළි කොට ඒවා බඩඉරිඟු වගා කිරීමට පෞද්ගලික සමාගම් වෙත පැවරීමට මහවැලි අධිකාරිය ගෙන තිබෙන තීරණයට එරෙහිවය.
මෙම පෙත්සම අද (02) සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.
මේ තුළින් සිය ප්‍රජාවට දැඩි අයුක්තියක් සිදු වන බවත් එබැවින් අදාළ තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලමින් ආදිවාසී නායකයා මෙම පෙත්සම ගොනුකර තිබුණි.