උත්සව සමයේ සහල් හිඟයක් ඇති වීමට ඉඩ නොදෙන බව කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසයි.
ඔහු සඳහන් කළේ ආනයනික සහල් තොග ලබන 20 වැනි දාට පෙර මෙරටට ලැබීමට නියමිත බවය.
එමෙන්ම, මහ කන්නයේ වී අස්වනු නෙලීම ලබන මාසයේ අග සිදු කෙරෙනු ඇති බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පවසා තිබේ.
මේ දිනවල වෙළෙඳපොළේ ඇති සහල් හිඟය සහ සහල් මිල වැඩි වීම හේතුවෙන් ජනතාව පීඩාවට පත්ව සිටියි.
ඒ අනුව, දිවයින පුරා ඇති ලංකා සතොස හරහා ඊයේ දින (06) සිට එක් අයකුට වරකට පොල් ගෙඩි 3ක් සහ සහල් කිලෝ 5ක් බැගින් නිකුත් කිරීමට රජය පියවර ගනු ලැබීය.
සතොස සභාපති ආචාර්ය සමිත පෙරේරා මහතා සඳහන් කළේ, කොළඹ අවට සතොස ශාඛාවලින් ඊයේ (06) සිට පොල් සහ සහල් මිල දී ගත හැකි බවය.