වාහන ආනයනය මත තහනමක් පනවා තිබුණු කාලය අතරතුර මෙරටට ගෙන්වා ඇති වාහන පිළිබඳව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා අදහස් දක්වා තිබේ.
ඊයේ (30) සවස යටියන්තොට මලල්පොල ප්‍රදේශයේ පැවති ආගමික උත්සවයකට සහභාගී වූ අවස්ථාවේ මාධ්‍යවේදීන් යොමුකළ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
“2020 ජූනි මාසේ 5 තමා අපි නැවැත්තුවේ වාහන ගෙන්වන එක. පසුගිය දා අපි අවසර දුන්නා ඒ සඳහා පොදු ප්‍රවාහනයට. ඒ වෙනකල් වාහන ගෙනල්ලා තියෙනවා 6,900ක් වගේ විශේෂ කටයුතු සඳහා. මෙයින් 2,000ක් තියෙන්නේ පොලීසියට අවශ්‍ය ත්‍රීවිල්. තව 1,000ක් පොලීසියට අවශ්‍ය රථ. ගිලන් රථ, පොදු කටයුතුවලට අවශ්‍ය රථ, තානාපති කාර්යාලවලට වගේ. එවැනි පොදු කටයුතු හැර වෙන ඒවට අපි අවසර ලබාදීලා නෑ. වැරදි විදියට ගෙනාපු වාහන තියෙනවා නම් වහාම අත්අඩංගුවට ගන්න කටයුතු කරනවා,” යැයි ඔහු පවසා ඇත.