ආපදාවලින් බාධාවක් නොවී මැතිවරණය පවත්වා ගෙන යාම සඳහා අවධානය යොමුකරමින් විශේෂ ඒකාබද්ධ වැඩපිළිවළක් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ මැතිවරණය කොමිසම් සභාව එක්ව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.
ජනාධිපතිවරණ කාලසීමාව තුළදී ආපදා හේතුවෙන් මුහුණුදීමට සිදුවිය හැකි බාධා අවම කරගැනීම සඳහා හදිසි ආපදා ප්‍රතිචාර පෙර සූදානම් සැලැස්ම මේ වන විට සූදානම් බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි .
ජනාධිපතිවරණ පැවැත්වෙන කාලසීමාව තුළ ආපදා හේතුවෙන් මැතිවරණ රාජකාරී සඳහා හෝ ඡන්දය ප්‍රකාශ කිරීමට බාධාවක් වන්නේ නම් එම බාධාකාරී තත්ත්වයන් කළමනාකරණය කර ගැනීම සඳහා කටයුතු කිරීම සම්බන්ධයෙන් ක්‍රියාත්මක මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කර තිබෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
එහෙයින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සහ වාරි මාර්ග දෙපාර්තමේන්තුවට දන්වා ඇත්තේ අද (20) , හෙට (21) සහ අනිද්දා (22) යන තෙදින තුළ දිනයේ පැය 03 න් පැය 03 ට වාර්තා මැතිවරණ කොමිෂන් සභාව වෙත යොමු කර ලෙසය.
එම වාර්තා අනුව යම් ආපදාවක් ඇති වුවහොත් ඊට අදාළ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හරහා කඩිනමින් කටයුතු සිදු කරන ලෙස දැනුම් දීම් සිදු කර ඇති බව ආපදා කලමණාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කර සිටියි.