ආයුර්වේද පනත සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති අතර, ඒ අනුව ඉදිරියේ දී අදාළ පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කර ඉන් අනතුරුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
තිරසර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට හැකි වන පරිදි හා කාලීන අවශ්‍යතාවයන්ට ගැළපෙන පරිදි 1961 අංක 31 දරන ආයුර්වේද පනත සංශෝධනය කිරීමට පසුගිය ඔක්තෝබර් 31දා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී තිබුණු අතර, ඒ අනුව නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කර ඇති මෙම පනත් කෙටුම්පත සඳහා නීතිපතිගේ නිෂ්කාශනය ලැබී තිබේ.