මෙරට පවතින ආර්ථික අර්බුදය හමුවේ වැඩි වශයෙන් පීඩාවට පත්ව ඇත්තේ කාන්තාවන් හා ළමුන් බව ආසියා හා පැසිෆික් කලාපය සඳහා වන එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජ කොමිසම පවසයි.
අමාත්‍ය රමේෂ් පතිරණ මහතා සමග කර්මාන්ත අමාත්‍යාංශයේ දී පැවති විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් එම කොමිසමේ දකුණු හා නිරිත දිග ආසියා කාර්යාල ප්‍රධානී මිකිකො ටනාකා මහත්මිය මේ බව ප්‍රකාශ කර තිබේ.
ඇය පෙන්වාදෙන්නේ ක්ෂුද්‍ර හා සුළු පරිමාණ කාන්තා ව්‍යවසායකයින් ප්‍රවර්ධනය කිරීම තුළින් පවුල් පරිසරය තුළ කාන්තාවන් හා දරුවන් සුරක්ෂිත කිරීමේ වැඩි අවස්ථාවක් පවතින බවයි.
මෙහිදි අදහස් දක්වමින් අමාත්‍ය රමේෂ් පතිරණ මහතා සඳහන් කළේ, සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි සම්බන්ධීකරණය කරමින් ක්ෂුද්‍ර හා සුළු පරිමාණ කාන්තා ව්‍යවසායකයින් ප්‍රවර්ධනය කිරීම සඳහා කර්මාන්ත අමාත්‍යාංශය විසින් වැඩසටහන් කිහිපයක් ක්‍රියාවට නංවා ඇති බවයි.
ග්‍රාමීය මට්ටමින් ක්ෂුද්‍ර හා සුළු පරිමාණ කාන්තා ව්‍යවසායකයින් වෙත ගොස් ඔවුන්ට අවශ්‍ය පහසුකම් සලසා දී ඔවුන් නඟාසිටුවීමට අවශ්‍ය කටයුතු සිදුකරන බවත් අමාත්‍ය රමේෂ් පතිරණ මහතා එහිදි වැඩිදුරටත් සඳහන් කළේය.