පුවත්

ආරුගම්බේට හීනියට STF බස්සපු හැටි රනිල් හෙළිකරයි!

Published

on

ආරුගම්බේ අනතුරු ඇවීම මුලින්ම ලැබුණේ තමා ජනපතිව සිටි කාලයේදී බව හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා හෙළිකර තිබේ.

ඔහු මේ හෙළිදරව්ව කර ඇත්තේ  කොළඹ මල් පාරේ පිහිටි සිය ප්‍රචාරක කාර්යාලයේදී හිටපු ඇමැතිවරුන් වන ටිරාන් අලස්, ප්‍රසන්න රණතුංග ඇතුළු හිටපු මන්ත්‍රිවරුන් රැසක් ඉදිරියේදීය.

‘‘ඔය ප්‍රහාරය ගැන පළමු තොරතුරු ආවේ ආපේ කාලයේ. මමත් ආරුගම්බේ ගියා. ඒ ඔය ප්‍රශ්නය ගැන වැඩිපුර අවධානයක් යොමු කරන්න. ඊශ්‍රායලයට හමාස් සංවිධානය පහර දුන්නට පස්සේ අපි ආරක්ෂක වැඩපිළිවෙළ තවත් වැඩි කළා. අපි තානාපති කාර්යාල දැනුවත් කළා. නමුත් වර්තමාන ආණ්ඩුව කළේ ඇමරිකාවේ අනතුරු ඇඟවීම දැක්ක ගමන් පොලිසිය, හමුදාව ආරුගම්බෙට යවපු එක. මේක දැකලා රටවල් බය වුණා. මම ඔය ප්‍රදේශවලට එස්.ටී.එෆ්. දානකොට කළේ වෙනත් උපක්‍රමයක් වැලිගම කුඩු ජාවාරම මැඩලන්න එස්.ටී.එෆ්. දැම්මනේ. මම කළේ කුඩු අල්ලන මුවාවෙන් අවදානමේ තොරතුරු රැස් කරපු එකයි.’’ හිටපු ජනාධිපතිවරයා කළ මේ පැහැදිළි කිරීම එවකට හිටපු මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතා ද අනුමත කර ඇතැයි වාර්තා වේ.

මූලාශ්‍රය – අරුණ

Trending

Exit mobile version