කටුනායක ආයෝජන ප්‍රවර්ධන කළාපයේ ඇගලුම් කර්මාන්තශාලාවක සේවය කරන සේවක සේවිකාවන් 50 දෙනෙකු පමණ කම්හල මගින් ලබා දුන් ආහාර අනුභව කිරීමෙන් පසුව රෝගාතුර වීම නිසා මීගමුව මහ රෝහල වෙත ඇතුළත් කර තිබේ.
රෝහල් ප්‍රකාශකයෙකු කියා සිටියේ ක්ලාන්තය, වමනය, පාචනය වැනි රෝග ලක්ෂණ මෙම රෝගී වූ සේවක සේවිකාවන් වෙතින් දිස් වන බවය.
මේ පිළිබඳ කටුනායක පොලිසිය, මීගමුව රෝහල් පොලිසිය, සිදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ නිලධාරීන් සහ ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලබයි.