ලබන ජූනි මාසයේදී විශ්‍රාම ලැබීමට නියමිත අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා මෙම මස අවසානයේ සිට විශ්‍රාම පූර්ව නිවාඩු ලබා ගැනීමට සූදානම්වන බව වාර්තා වේ.
ලබන ජුනි මාසය දක්වාම ඔහු මෙසේ විශ්‍රාම පූර්ව නිවාඩු ලබා ගැනීමෙන් පසුව විශ්‍රාම ගැනීමට යන බවද පැවසේ.
ඒ අනුව සභාපති විනිසුරුවරයා විශ්‍රාම ලබන තෙක් අභියාචනාධිකරණයේ වැඩ බැලීම සඳහා දැනට අධිකරණයේ කටයුතු කරන ජ්‍යෙෂ්ඨ විනිසුරුවරයකු ජනාධිපතිතුමන් විසින් පත් කරනු ඇතැයි ද පැවසේ.
මූලාශ්‍රය – දේශය