Connect with us

පුවත්

ඇමති ප්‍රසන්න පෝටර් කෙනෙකුට ගැහුව සිද්ධිය ගැන CCTV පරික්ෂාවට

Published

on

කටුනායක ගුවන්තොටුපළේ ගුවන් මගීන්ගේ ගමන් මලු ප්‍රවාහනය කරන පෝටර් වරයකුට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවිර මහතා විසින් කනට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආරක්ෂක අංශ CCTV පරික්ෂා කිරීමට සූදානම්වන බව වාර්තා වේ.

කෙසේවුවද, මේවන විට අමාත්‍යවරයා තමා පෝටර්වරයා‍ට කනේ පහරක් ගැසු බව පිළිගෙන තිබේ.

රාජ්‍ය අමාත්‍යවරයා ඉකුත් 14 වැනිදා අලුයම් කාලයේ සිය බිරිය සහ ඇමති ආරක්ෂකයින්ද සමඟ කටුනායක ගුවන් තොටුපොළට ගොස් ඇත්තේ බිරිඳ විදේශ ගත කිරීම සඳහා බව පැවසේ.

ගුවන් තොටුපළේ ප්‍රධාන දොරටුවෙන් රාජ්‍ය ඇමතිවරයා ගිනි අවි අතැති ආරක්ෂකයින් සමඟ ඇතුල් වීමට උත්සාහ කිරීමේදී එසේ ගිනි අවි සමඟ ඇතුල් වීමට ඉඩදිය නොහැකි බව ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන් රාජ්‍යඇමතිවරයාට පවසා තිබේ.

එහිදී රාජ්‍ය අමාත්‍යවරයා ගුවන් තොටුපොල ආරක්ෂක නිලධාරීන්ට බැණ වැදී ඇති බවද පැවසේ. 

මේ අතර ඔහුගේ බිරිඳගේ ගමන් මලු රැගෙන ගිය පෝටර්වරයාට ප්‍රසන්න රණවීර මහතා පහරදීමක් සිදු කර තිබේ.

ඊට හේතු වී ඇති පෝටරවරයාට ගෙවිය යුතු වූ රුපියල් දහසක මුදල වෙනුවට ඔහු විසින් රුපියල් හත්සීයක මුදලක් ලබාදීම සම්බන්ධයෙන් පෝටර් සිය විරෝධය පළ කිරීම බවද කියැවේ. 

ගුවන් තොටුපළේ සේවා සපයන පෝටර්වරයකුට රුපියල් දහසක මුදලක් ගෙවිය යුතු බව දැන්වීම් පුවරු මගින් ප්‍රදර්ශනය කර ඇත.

රාජ්‍ය අමාත්‍යවරයා පෝටර්වරයා කම්මුල් පාරක් එල්ල කිරීමෙන් පසු ගුවන් තොටුපළ පරිශ්‍රයෙන් පිට වගොස් ඇත. 

පහර කෑ පෝටර්  ගුවන්තොටුපොල  පොලිසියට සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට ගොස් ඇත ඔහු කුරුණෑගල අලව්ව ප්‍රදේශයේ පදිංචිකරුවකු බවද පැවසේ.

මෙම සිදුවීම සම්බන්ධයෙන් රාජ්‍ය “අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා පැවසුවේ මට ඒ වෙලාවේ කේන්ති ගියා. මම කතා කරලා ඔහුව පැත්තකට ඇදන් ගියා මම කනේ පාරක් ගැහුවා ඒක ඇත්ත”.

අදාළ පැමිණිල්ල  කිරීමට පොලිසියට ගිය පහර කෑ තැනැත්තාට පොලිසිය නිලධාරින් පවසා ඇත්තේ එම අවස්ථාවේ දී ස්ථානාධිපතිවරයා නොමැති බැවින් පසු දින ඇවිත් පැමිණිලි කරන ලෙසය.

එහෙත් කුමන හෝ හේතුවක් මත එම තැනැත්තා ඉන්පසුව පොලිසියට ගොස් නොමැති බවද වාර්තාවේ.

කෙසේවුවද, කට කතා පැතිර ඇත්තේ පොලිසි ගියහොත් අදාළ පහර කෑ තැන්තාගේ රැකියාව මාස 6කට නැති කරන බවට රාජ්‍ය අමාත්‍යවරයා කර ඇති තර්ජනයකට බියෙන් ඔහු පොලිසිය‍ට යාමෙන් වැලැකී ඇති බවයි.

ඉකුත් මැයි 09 වැනිදා සිද්ධියේදී ප්‍රසන්න රණවීර ඇමතිවරයාගේ නිවසද කලහකාරීන් විසින් ගිනිතබා තිබිණි.

පුවත්

ණය බර තවත් ඉහල ගිහින්

Published

on

By

ශ්‍රී ලංකාවේ විදේශීය ණය බර 2023 වසරට සාපේක්ෂව 2024 දී ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දී තිබේ.

 2023 වසරේදී මෙරට විදේශීය ණය බර ඇමෙරිකානු ඩොලර් බිලියන 63.4 කි.

එහෙත් 2024 දී ශ්‍රී ලංකාවේ විදේශීය ණය බර ඇමෙරිකානු ඩොලර් බිලියන 68 ක් දක්වා ඩොලර් බිලියන 5 කින් හෙවත් ඩොලර් කෝටි 500 කින් පමණ ඉහළ ගොස් තිබේ.

මෙලෙස විදේශ ණය බර ඉහළ ගොස් ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ආසියානු සංවර්ධන බැංකුව සහ ලෝක බැංකුව විසින් ශ්‍රී ලංකාවට සපයන ලද විදේශීය ණය සහ වගකීම් ඉහළ යාම නිසා බවද මහ බැංකුව වැඩිදුරටත් පවසයි.

මූලාශ්‍රය – දේශය

Continue Reading

පුවත්

වනජීවී අභ්‍යාසලාභීන්  3451කට ස්ථිර පත්වීම්

Published

on

By

වනජීවි දෙපාර්තමේන්තුවේ මේ වන විට සේවය කරන අභ්‍යාසලාභීන් 3451කට ස්ථීර පත්වීම් ලබාදී තිබේ . 

 ඔවුන්ව බහුකාර්ය සංවර්ධන පුහුණු අභ්‍යාසලාභීන් ලක්ෂයක් බඳවා ගැනීමේ රජයේ වැඩපිළිවෙළ යටතේ බඳවා ගෙන ඇත.

මීට අදාළව සංකේතාත්මකව ස්ථීර පත්වීම්ලාභීන් 50දෙනෙක්ට ඊයේ (13) පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැදි අතින් පත්වීම් ලබා දීම සිදුවිය.

එම අවස්ථාවේදී ඔහු කියා සිටියේ අලි මිනිස් ගැටුම අවම කර ගැනීම සදහා පත්වීම් ලබන්නන්ගෙන් ඉහළ දායකත්වයක් අපේක්ෂා කරන බවය. 

මේ වන විට දිවයින පුරා විදුලි වැට 437ක් ඉදිකර ඇති අතර එය කිලෝමීටර 5644ක් පුරා විහිදී පවති. 

එමෙන්ම විදුලිවැට බලගැන්වීමේ කුටි 647ක් ද ක්‍රියාත්මක වන බව වාර්තා වේ.

Continue Reading

පුවත්

පොලිස් ස්ථානවලට ප්‍රහාර එල්ලකරන බවට ඇමතුමක්

Published

on

By

උතුරේ පොලිස් ස්ථාන 10කට පමණ ප්‍රහාරයක් එල්ලකරන බවට කන්කසන්තුරේ පොලිස් ස්ථානයට නිර්ණාමික දුරකථන ඇමතුමක් ලැබී තිබේ.

අදාළ ඇමතුම පසුගිය ජූනි 11වනදා දහවල් 1.15ත් 1.20 අතර කාලය තුළ ලැබී ඇති බව සඳහන්ය.

 මේ වනවිට මේ සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ තිබේ.

කෙසේ වෙතත් උතුරේ පොලිස් ස්ථානවල ආරක්ෂාව සම්බන්ධයෙන් වැඩි සැලකිල්ලක් දක්වන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසා සිටියේය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved