පුවත්

ඇමරිකා තානාපතිනිය හා ළමා කටයුතු අමාත්‍යවරිය අතර හමුවක්

Published

on

ඇමරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපතිනී ජූලි චංග් (Julie Chung) මහත්මිය සහ කාන්තා හා ළමා කටයුතු ඇමතිනී සරෝජා සාවිත්‍රී පෝල්රාජ් මහත්මිය අතර විශේෂ  හමුවක් ඊයේ (28) එම අමාත්‍යාංශයේදී පැවැත්වුණි.

විවිධ අවස්ථාවලදී මෙරට කාන්තාවන්  මුහුණ දෙන අභියෝග පිළිබඳ මෙන්ම, ඒ සඳහා ලබා දිය හැකි සහය පිළිබඳවත් ශ්‍රී ලංකාව සහ ඇමරිකා එක්සත් ජනපදය අතර සහයෝගීතාවය ඉදිරියේදී ශක්තිමත් ලෙස තවදුරටත් වර්ධනය කරගැනීම පිළිබඳවත් මෙහිදී සාකච්ඡා වී තිබේ.

මෙම අවස්ථාවට කාන්තා හා ළමා කටයුතු පිළිබඳ නියෝජ්‍ය ඇමති වෛද්‍ය නාමල් සුදර්ශන මහතාද සහභාගි විය.

Trending

Exit mobile version