පුවත්

ඇමැති බංගලාවක් අල්ලස් කොමිසමට

Published

on

කොළඹ ඇමැති බංගලාවලින් එක් බංගලාවක් අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ  නිලධාරීන්ගේ පරිහරණය සඳහා භාර දුන් බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එස්. ආලෝක බණ්ඩාර මහතා පවසයි.

අල්ලස් හෝ දූෂණ චෝදනා  විමර්ශන කොමිෂන් සභාවේ  ඉඩකඩ පිළිබඳ ප්‍රශ්නයක් පවතින හෙයින්  ඔවුන්ගේ ඉල්ලීම අනුව  එම කොමිසම අසල පිහිටි ඇමැති නිල නිවාසයක් මෙලෙස බාරදුන් බව ඔහු පවසන්නේය.

මේ අතර ඇමැති නිල නිවාස තක්සේරු කිරීමේ කටයුතු මේ වනවිට අවසන්ව ඇති අතර ඒ පිළිබඳ  වාර්තාවක් ලබන සතියේදී බාරදීමට නියමිතව ඇති බව ලේකම්වරයා ප්‍රකාශ කලේය.

මෙම වාර්තාව ලැබුණු පසු කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවත්  ඇමැති මණ්ඩලයෙන් ලැබෙන නියෝග අනුව එම නිවාස සම්බන්ධයෙන් සුදුසු පියවරක් ගන්නා බවත් ආලෝක බණ්ඩාර මහතා පවසයි.

ඇමැතිවරුන්ට වෙන් කෙරුණු නිල නිවාස 35ක් පමණ කොළඹ 7 ප්‍රදේශයේ පවතින අතර නව රජයේ අමාත්‍යවරුන් එම නිල නිවාස ලබා  නොගැනීමට දැනටමත් තීරණය කර තිබේ.

Trending

Exit mobile version