ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ තැපැල් ඡන්ද පත්‍රිකා ඇතුළත් රක්ෂිත පැකට්ටු අද(07) දිනයේ තැපෑලට භාරදෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
එහි සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක මහතා සඳහන් කළේ, තැපැල් දෙපාර්තමේන්තුව මගින් එම රක්ෂිත පැකට්ටු රජයේ ආයතන වෙත යොමු කරනු ඇති බවය.
ඇල්පිටිය ප්‍රාදේශීය සභාව මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම ලබන 14 වැනිදා සිදු කිරීමට නියමිතය.
එදිනට තම ඡන්දය සලකුණු කිරීමට නොහැකි වන තැපැල් ඡන්ද හිමියන්ට ලබන 18 වැනිදා සේවා ස්ථානය පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයේදී ඒ සඳහා විශේෂ අවස්ථාවක් හිමිවන බව මැතිවරණ කොමිෂන් සභාව පැවසීය.
එම මැතිවරණයට අදාල නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ලබන 12 වැනිදා තැපෑලට භාරදීමට නියමිත අතර, ලබන 17 වැනිදා සිට 20 වැනිදා දක්වා ඒවා බෙදාහැරීමට නියමිතව තිබේ.
ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම ලබන 26 වැනිදා පැවැත්වීමට නියමිතය.