පවතින අධික වර්ෂාපතන තත්වය යටතේ යටතේ රත්නපුර දිස්ත්‍රික්කයට අයත් ඇහැළියගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට නායයෑම් සඳහා තෙවැනි අදියරේ රතු නිවේදනයක් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) පියවර ගෙන තිබේ.
තවත් දින කිහිපයක් අඛණ්ඩව වර්ෂාව ලැබීමට නියමිත හෙයින් නිවාස අවට පස් කණ්ඩි කඩා වැටීම් සහ ගල් පෙරළීම් වැනි දෑ සිදුවිය හැකි බැවින් ජනතාවට සැලකිලිමත්වන ලෙස එහි ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධිර මහතා පවසයි.
තවද, අධික වැසි තත්ත්වයත් සමඟ ප්‍රදේශ රැසකට දෙවන අදියරේ නාය යෑම් අනතුරු ඇඟවීමේ නිවේදන ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනය විසින් නිකුත් කර තිබෙයි.
තවද, ගාල්ල, කළුතර, කෑගල්ල, රත්නපුර යන දිස්ත්‍රික්ක වල පහත ප්‍රදේශ සඳහා පවතින පළමු අදියරේ නායයෑම් අනතුරු ඇඟවීම් තවදුරටත් දීර්ඝ කර ඇත.
- ගාල්ල දිස්ත්‍රික්කය – බද්දේගම, ඇල්පිටිය, නාගොඩ යන ප්‍රද්ශ
- කළුතර දිස්ත්‍රික්කය – පාලින්දනුවර, මතුගම, වලල්ලාවිට ප්‍රදේශ
- කෑගල්ල දිස්ත්‍රික්කය – බුලත්කොහුපිටිය, දෙහිඕවිට, දැරණියගල, යටියන්තොට, රුවන්වැල්ල ප්‍රදේශ
- රත්නපුර දිස්ත්‍රික්කය – කිරිඇල්ල, අයගම, කලවාන යන ප්‍රදේශ