Connect with us

පුවත්

ඇෆ්ගනිස්තානයේ සැලොන් වහන්න කියයි

Published

on

ඇෆ්ගනිස්තානයේ කොණ්ඩා සැකසුම් හා රූපලාවන්‍යාගාර වසා දමන ලෙස එරට පාලනය කරන තලෙයිබාන් සංවිධානය නියෝග කර තිබේ.

මෙය එරට කාන්තාවන් සම්බන්ධයෙන් තලෙයිබාන් සංවිධානය පනවා ඇති නවතම සීමාව ලෙස සැලකේ. කෙසේවෙතත්, මෙයට හේතුව කුමක්ද යන්න පිළිබඳව ඔවුන් ප්‍රකාශ කර නොමැත.

බීබීසී ව්‍යාපාරික අංශය වාර්තා කරන්නේ මේ පිළිබඳව බලධාරීන් විසින් අදාල ආයතන වලට ජූලි 02දා  දැනුම් දී ඇති බවත්, අදාල පියවර ගැනීමට එතැන් පටන් මාසයක කාලයක් ලබාදී ඇති බවත්ය.

මීට පෙර 1996 – 2001 කාලයේදී ඇෆ්ගනිස්තාන් බලය තලෙයිබාන් සංවිධානයට හිමි ව තිබූ කාලයේදී පවසා රූපලාවන්‍යාගාර වසා දැමුණි. නමුත් 2001දී ඇමෙරිකාව විසින් ඇෆ්ගනිස්ථානය ආක්‍රමණය කිරීමෙන් අනතුරුව ක්‍රමක්‍රමයෙන් ඒවා යළිත් විවෘත විය.

2021 දී තලේබාන් සංවිධානය බලය අල්ලා ගැනීමෙන් පසු කාන්තා නිදහස ක්‍රමක්‍රමයෙන් අහිමි විය. මේ වන විට නව යොවුන් වියේ ගැහැනු ළමයින්ට සහ කාන්තාවන්ට පන්ති කාමර, ව්‍යායාම මධ්‍යස්ථාන සහ උද්‍යානවලට ඇතුළු වීම තහනම් කර ඇති අතර, මෑතකදී ඔවුන්ට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වැඩ කිරීම පවා තහනම් විය.

කාන්තාවන්ගේ දෑස් පමණක් පෙනෙන ආකාරයට ඇඳ පැළඳ සිටිය යුතු බව පවසන තලේබානුවන්, ඔවුන් සිය නිවෙස් වල සිට කිලෝමීටර් 72කට වැඩි දුරක් ගමන් කරන්නේ නම් පිරිමි ඥාතියෙකු සමඟ ගමන් කළ යුතු බවද නියෝග කර ඇත.

පුවත්

පාර්ලිමේන්තු සභාවාරය ආරම්භ වෙයි (සජීවී විකාශය)

Published

on

By

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට පාර්ලිමේන්තු සභාවාරය ආරම්භ කර තිබේ.

එහි සජීවි විකාශය ඉහතින් දැක්වේ.

Continue Reading

පුවත්

ශෂීන්ද්‍ර  අල්ලස් කොමිසමට

Published

on

By

හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ප්‍රකාශයක් ලබාදීම සඳහා අල්ලස් කොමිසමට පැමිණ තිබේ.

Continue Reading

පුවත්

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

Published

on

By

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුව ඇති බව ශ්‍රී ලංකා දුම්රිය සේවය පවසයි.

පානදුර සහ එගොඩඋයන අතර දුම්රිය මාර්ගයට අද (05) උදෑසන හානි සිදුවීමෙන් මෙම ප්‍රමාදය ඇති වී ඇති බව ශ්‍රී ලංකා දුම්රිය සේවය වැඩිදුරටත් පවසයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved