ඉඟුරු නිෂ්පාදනය සඳහා පහසුකම් සළසමින්, දේශීය වෙළෙඳපොළ තුළ පාරිභෝගිකයාට දැරිය හැකි මට්ටමකට ඉඟුරුවල සිල්ලර මිල අඩුකිරීමේ හැකියාව සොයා බලා ඒ සම්බන්ධයෙන් යෝග්‍ය නිර්දේශ සහිත වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස උපදෙස් ලබා දී තිබේ.
කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම්ට සහ වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශයේ ලේකම්ට 2024.07.15 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී මෙම උපදෙස් ලබා දී ඇති බව සඳහන්ය.
එමෙන්ම ඉදිරි මාස 03ක කාලසීමාව තුළ අමු ඉඟුරු මෙට්‍රික් ටොන් 3000ක් ශ්‍රී ලංකා රජයේ වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව මඟින් අදියරගතව ආනයනය කිරීම පිණිස ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව ද අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.
එම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා සහ වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතතා අමාත්‍යවරයාය.