පුවත්

ඉදිරියේදී දුම්වැටි මිල වැඩි වෙන ලකුණු

Published

on

එළඹෙන අයවැයේ දී දුම්වැටියක මිල, මිල සූත්‍රයට අනුව වැඩි කරන ලෙස යෝජනා කර ඇති බව දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය පවසයි.

මෙරට සිල්ලරට තනි දුම්වැටි අලෙවිය නතර කර දැමිය යුතු බවට ද යෝජනා කර ඇති බව ඔවුන් සඳහන් කරයි.

මෙම යෝජනාව ඉදිරිපත් කිරීමට අරමුණ වී තිබෙන්නේ, දුම් පානය කරන්නන් තවදුරටත් අඩු කිරීමට ය.

එමෙන්ම මෙරට දුම්පානය කරන වැඩිහිටියන්ගෙන් 51%ක් ඉන් වැලකිය යුතු බවට විශ්වාස කරන බව ජනලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව, දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය හා සෞඛ්‍ය අමාත්‍යංශය එක්ව සිදු කරන ලද සමීක්ෂණයකින් හෙළි වී තිබේ.

Trending

Exit mobile version