ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මගී යාත්‍රා සේවය එළැඹෙන 16 වැනිදා සිට යළිත් ක්‍රියාත්මක කිරීමට නියමිත බව එම යාත්‍රා සේවයේ මෙහෙයුම්කරු වන IndSri Ferry Service පුද්ගලික සමාගම පවසයි.
මෙම මගී යාත්‍රා සේවය සඳහා ප්‍රවේශපත්‍ර වෙන්කිරීම ඔන්ලයින් මාර්ගයෙන් ඊයේ (12) මධ්‍යම රාත්‍රියේ සිට සිදුකළ හැකි බවද නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම කියා සිටී.
ඒ අනුව http://sailindsri.com/ වෙත පිවිස මගීන්ට මගී යාත්‍රා සේවයෙන් ප්‍රවේශපත්‍ර වෙන්කරවා ගත හැකිය.
ශ්‍රී ලංකාවේ කන්කසන්තුරේ සහ තමිල්නාඩුවේ නාගපට්නම් අතර මෙම මගී යාත්‍රා සේවය ක්‍රියාත්මක කිරීමට නියමිතය.
දෙරට අතර මෙම මගී යාත්‍රා සේවාව ඉකුත් 2023 වසරේ ඔක්තෝබර් මස 14 වැනිදා ආරම්භ වූ අතර පසුව එය කෙටි කලකට අත්හිටුවා තිබිණි.
තමිල්නාඩුවේ නාගපට්ටිනම් සිට යාපනය අසල කන්කසන්තුරේ වරායට සම්බන්ධ කරන මෙම සෘජු මගී යාත්‍රා සේවය මුහුදු තත්ත්වයට අනුව ආසන්න වශයෙන් පැය තුනහමාරකින් කිලෝමීටර 111 (නාවික සැතැපුම් 60) ක දුරක් ආවරණය කරයි.