පුවත්

ඉන්දියානු තරගයේදී කළ චේන්ජර්ස් ගැන පරීක්ෂණයක්; ප්‍රමෝත් දොට්ට?

Published

on

ලෝක කුසලාන තරගාවලියේ ඉන්දියාව හමුවේ ලද පරාජය පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පුහුණුකරුවන්ගෙන් සහ තේරීම් කමිටුවෙන් කරුණු විමසීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.

කණ්ඩායම තේරීම සිදුකළේ කුමන පදනමකින්ද යන්න මෙහිදී විමසීමට නියමිත බවද පැවසේ.

ධනංජය ද සිල්වා එම තරගයෙන් ඉවත් කර ඒ වෙනුව දුෂාන් හේමන්ත කැඳවීම ද ගැටලු සහගත බවද ක්‍රිකට් විචාරකයින් පෙන්වා දී ඇතැයි පැවසේ.

මෙම කරුණු පිළිබඳව සහ ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගයේ දැක්වූ දුර්වල ක්‍රීඩා විලාශය පිළිබඳවද කරුණු විමසීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇති බවද වාර්තා වේ.

ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ ප්‍රමුඛ තේරීම් කමිටුව පත්ව දෙවසරක් ගෙවී ගියද මෙතෙක් ඔවුන්ගේ තේරීම් ගැන ප්‍රසාදයක් නොවීම සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බව පැවසේ.

Trending

Exit mobile version