Connect with us

පුවත්

ඉන්දියාවෙන් කෝටි 300ක් ගත් බවට ජවිපෙට චෝදනාවක්

Published

on

ඉදිරි මැතිවරණ ව්‍යාපාරය සඳහා ජනතා විමුක්ති පෙරමුණට ඉන්දියාවෙන් රුපියල් කෝටි තුන්සියයකට අධික මුදලක් ලැබුණේ දැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක විවෘත ප්‍රකාශයක් කළ යුතු බව මිහින්තලේ රජමහා විහාරාධිපති ආචාර්ය වලහැංගුණුවැවේ ධම්මරතන නාහිමියෝ පවසති.

ඊයේ (13) මහනුවර පැවැති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ කියා සිටියේ මෙම මුදල ජනතා විමුක්ති පෙරමුණට ලැබුණු බව තමාට ආරංචි මාර්ගයකින් දැනගන්නට ලැබුණු බවය.

මෙහිදී තවදුරටත් අදහස් පළ කළ උන්වහන්සේ මෙසේද කිය.
“එදා 89-90 ඉන්දියාවෙන් ගේන බෙහෙත් කරලක්වත් එපා කියලා මේ රටේ තරුණ තරුණියන් දහස් ගණනකගේ දිවි අහිමි කළ ජනතා විමුක්ති පෙරමුණේ ඊනියා දේශප්‍රේමිත්වය පිළිබඳ එම පක්ෂය අද මොකද කියන්නේ. අද ලංකාවේ වරාය, ගුවන් තොටුපළ, ටෙලිකොම්, විදුලිබල මණ්ඩල, රක්ෂණ සංස්ථාව, බැංකු, සත්ත්ව ගොවිපළ ඇතුළු රටේ මරමස්ථාන ඉන්දියාවට දෙන්න පිඹුරුපත් හදලා ඉවරයි. මේක අධ්‍යයනය කරපු අනුර දිසානායකලා ඉන්දියාවට ගිහිල්ලා සාකච්ඡා කළාලු. දැන් ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ ඉන්දියානු සමාගම් ලංකාවේ දේපොළ ටෙන්ඩර් පටිපාටිය හරහා ගන්නවනම් කිසිම ප්‍රශ්නයක් නෑ කියල. ජනතා විමුක්ති පෙරමුණ දැන් කියන්නේ ඔයාලා ඒවා ගන්නවා නම් අපිටත් කොමිස් මුදලක් දෙන්න කියලයි. හිතාගන්නත් බැරි තරම් විශාල ගාණක් එනවනේ. එහෙම තමයි දැන් සිද්ධ වෙන්නේ. අපිට මේවා ආරංචි වෙලා තියෙන්නේ. මැතිවරණ ව්‍යාපාරය සඳහා රුපියල් කෝටි තුන්සියයකට අධික මුදලක් ලබාදීම සඳහා ඇමරිකානු තානාපතිවරිය කපු කම කළාලු. ජනතා විමුක්ති පෙරමුණේ නායකයා මේ පිළිබඳ විවෘත ප්‍රකාශයක් කළ යුතුයි.”

“අපි මහා සංඝරත්නය 14 වැනිදා ජනාධිපති ලේකම් කාර්යාලයට යන්න හිටියත් රටේ ජනතාව අපිට කියනවා යන්න එපා කියලා. ජනතාවගේ දුක අඳුනන්නැති පාලකයන් සමග කතා කරල වැඩක් නැහැ. මුළු රට ගඳගස්සවන අසූචි ගොඩ ඉවත් කරලා ඊට යටවෙලා තියෙන රන් රිදී මුතු මැණික් ගොඩ අරගෙන ඒවා ඔප දමලා රටේ පාලකයෝ බවට පත් කරනකම් අපේ සටන අපි අතාරින්නේ නෑ.”

පුවත්

ඩිජිටල් හැඳුනුම්පතට ටෙන්ඩර් කැඳවයි

Published

on

By

නව ඩිජිටල් හැඳුනුම්පත සකස් කිරීම සඳහා, ඉන්දීයානු සමාගම්වලින් ටෙන්ඩර් කැඳවූ බව ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍යංශය පවසයි.

නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා සඳහන් කළේ,  මාස 4ක කාලයක් ඒ සඳහා ලබා දෙන බවය.

එම ව්‍යාපෘතිය සඳහා ඉන්දියාව මෙරටට ප්‍රදානයක් ලෙස ලබාදෙන මුදල රුපියල් බිලියන 10.4 කි.

නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා පැවසුවේ, ලබන වසරේ මැද වනවිට නව ඩිජිටල් හැඳුනුම්පත නිකුත් කිරීමට කටයුතු කරන බවය.

Continue Reading

පුවත්

පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය පිළිබඳ මහජන අදහස් විමසීම අද

Published

on

By

මෙරට පුනර්ජනනීය සංවර්ධකයින් මුහුණදෙන අභියෝග හඳුනාගැනීම සඳහා මහජන උපදේශනයක් අද (02) පැවැත්වෙන බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.

එම කොමිසම නිවේදනය කළේ, අද උදෑසන 8.00 සිට පස්වරු 4.00 දක්වා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පාර්ශවකරුවන්ගේ අදහස් වාචිකව ලබා ගැනීමට නියමිත බවය.

2002 අංක 35 දරණ ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභා පනතේ 17 වන වගත්තිය ප්‍රකාරව පැවරී ඇති බලතල අනුව මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බව සඳහන්ය.

මේ අතර සූර්ය බල ඉදිකිරීම් සංගමයේ සභාපති වෛද්‍ය ශ්‍යාම් පතිරාජ මහතා පැවසුවේ මෙරට මෙරට පුනර්ජනනීය බල ශක්ති ක්ෂේත්‍රයට එල්ල වී ඇති අර්බුදය සම්බන්ධයෙන් පර්ශවකරුවන් රැසක් එහිදී කරුණු දැක්වීමට නියමිත බවය.

පුනර්ජනනීය බල ශක්තියේ කිසිදු කප්පාදුවක් ආණ්ඩුව විසින් සිදුකර නොමැති බව රවීන්ද්‍ර බණ්ඩාර මන්ත්‍රීවරයා පවසයි.

Continue Reading

පුවත්

ප්‍රදේශ කිහිපයකට වැසි 

Published

on

By

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ.

යාපනය සහ මන්නාරම දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved