පුවත්

ඉන්දියාව කොන්දේසි විරහිත සහයක් දෙන බවට මොරගොඩ ගුණවයයි!

Published

on

‘කොන්දේසි විරහිතව’ ශ්‍රී ලංකාවට දක්වන සහයෝගය පිළිබඳව ඉන්දියාවේ සිටින ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා විසින් ඉන්දියාවට ප්‍රශංසා කර තිබේ.

එරට ජනප්‍රිය මාධ්‍ය ආයතනයක් වන Wion News වෙත අදහස් දක්වමින් මොරගොඩ මහතා පවසා ඇත්තේ ඉන්දියාව විසින් ලබා දී ඇති සහන පැකේජය “අතිශය නම්‍යශීලී” වන බවයි.

මෙරට ආර්ථිකය ස්ථාවර කිරීමට සහය දැක්වීමටත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා ජපානය වැනි ද්විපාර්ශ්වික හවුල්කරුවන් කරා යාමටත් ඉන්දියාව කටයුතු කළ බව ඔහු පවසා ඇත.

චීනය විසින් ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා ලබාදෙන සහය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු පවසා ඇත්තේ චීනය මේ සම්බන්ධයෙන් ලිපියක් යොමුකර ඇති නමුත්, එය මෙම අවස්ථාවේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපේක්ෂා කරන අවශ්‍යතා සපුරාලීමට ප්‍රමාණවත් නොවන බැවින්, තවමත් සාකච්ඡා පැවැත්වෙන බවයි.

Trending

Exit mobile version