එක්ස්ප්‍රස් පර්ල් නෞකාව සහ නිව් ඩයමන්ඩ් නෞකාව මෙරට මුහුදු සීමාවේ අනතුරට ලක්වූ අවස්ථාවේ ලබාදුන් සහයෝගය වෙනුවෙන් ඉන්දීය රජයට ඉන්දියානු රුපියල් මිලියන 890ක මුදලක් ගෙවීමට සිදුව ඇති බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.
රාජපක්ෂ මහතා මේ බව කියා සිටියේ “ටීවි දෙරණ” ඔස්සේ ඊයේ (22) රාත්‍රී විකාශය වූ 360 කාලීන වැඩසටහන සමඟ එක්වෙමිනි.
ඉන්දීය රජය විසින් අදාළ ඉල්ලීම ලිඛිතව දැනුම් දී ඇති බව අමාත්‍යවරයා එහිදී කීය.
“නිව් ඩයමන්ඩ් නෞකාවේ ගින්න නිවීම සහ පරිසර හානිය වළක්වා ගැනීමට කටයුතු කළේ මුලික වශයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව හා අපේ ඉල්ලීම මත ඉන්දීය නාවික හමුදාව. පරිසර හානිය තවත් බරපතළ වෙන්න තිබුණ එක වළක්වා ගන්න. ඉන්දීය නාවික හමුදාව දීපු දායකත්වය සම්බන්ධයෙන් මේ වනවිට ඒ අය අපෙන් මුදල් ඉල්ලලා තියෙනවා ඉන්දීය රුපියල් මිලියන 400ක්. ලංකාවේ මුදලින් නම් රු මි 1,400ක් වගේ. මේවා කටකතා නෙමෙයි. ලිපිගොනුවෙත් ඇති එවපු ලේඛනය. පහුවෙලා දෙන්නම්. එක්ස්ප්‍රස් පර්ල් එකට රු මි 490යි. නිව් ඩයමන්ඩ් එකට රු මි 400යි.”