Connect with us

පුවත්

ඉන්දියා – කන්කසන්තුරේ නැව් සේවාව යළි ඇරඹෙයි

Published

on

පසුගිය කාලයේ පැවති අයහපත් කලගුණික බලපෑම් හේතුවෙන් නවතා තිබූ ඉන්දියාව සහ කන්කසන්තුරෙයි අතර මගී නැව් සේවාව හෙට (02) සිට යළි ක්‍රියාත්මක කරන වාර්තා වේ.

හෙට  දිනයේදී නැවත ඇරඹෙන මගී නැව් සේවව සඳහා මගීන්ට අවශ්‍ය කෙරෙන ආසන වෙන්කරවා ගැනීම සඳහා සතියකට පෙර අවස්ථාව ලබා දීමට  එම සේවාව ක්‍රියාත්මක කරන සිව ගංගී නැව් සමාගම පියවර ගෙන තිබුණි.

එමෙන්ම සතියේ ඉරිදා දින හැර සෙසු සියලුම දිනයන්හි නැව් සේවා සමාගම මගී ගමනාගමනය සිදුකිරීමටද අපේක්ෂා කෙරේ.

මෙම නැව් සේවාව මඟින්, ඉන්දියාවේ නාගපට්නම් සිට කන්කසන්තුරෙයි දක්වා ගමන් කිරීමේ ගාස්තුව රුපියල් 35,000ක් ලෙස දක්වා තිබේ.

පසුගිය වසරේ (2024) ආරම්භ වූ නැව් සේවාව ඔක්තෝම්බර්, නොවැම්බර් සහ දෙසැම්බර් මාසවලදී උතුරු මුහුදු සීමාවට බලපෑ අධික සුලිසුලං සහ කුණාටු තත්වයන් මෙන්ම ගංවතුර බලපෑම් හේතුවෙන් නවතා දැමීමට තීරණය කර තිබුණි.

කෙසේ වෙතත් මෙම නැව් සේවාවට මෝසම් වර්ෂාව මගින් දැඩි බලපෑමක් එල්ල කිරීමෙන් නැව් සේවව නවතා දැමීමට සිදුවීම පිළිබඳව අවධානය යොමු කොට ඊට විකල්පයක් සෙවීම සඳහා අවශ්‍ය තාක්ෂණික උපදෙස් ලබගැනීමටද සිවගංගි නැව් සේව සමාගම විසින් කටයුතු කර තිබේ.

පුවත්

චීනය සමග අවබෝධතා ගිවිසුම් 15කට අත්සන් කළා – විජිත (වීඩියෝ)

Published

on

By

අද (15) දිනයේදී ශ්‍රී ලංකාව හා චීනය අතර අවබෝධතා ගිවිසුම් 15ක් අත්සන් කර ඇතැයි විදේශ කටයුතු අමාත්‍ය – විජිත හේරත් මහතා පවසයි.

මෙම ගිවිසුම් මගින් මෙරට ආර්ථිකය, අධ්‍යාපනය, මාධ්‍ය හා සංස්කෘතියට ඉතා වැදගත් වන බව ඔහු වැඩිදුරටත් පවසයි.

විදේශ කටයුතු අමාත්‍යවරයා විසින් සිදුකර ඇති ප්‍රකාශය මෙසේය :

(වීඩියෝ දසුන් : PMD)

Continue Reading

ඡායාරූප සටහන

චීන – ලංකා ජනපතිවරුන් අතර හමුව ඇරඹේ (වීඩියෝ / ඡායා)

Published

on

By

මේ වන විට චීනයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හා සහ  චීන ජනාධිපති ෂී ජින්පිං  මහතා අතර නිල හමුව චීන මහජන ශාලාවේදී මීට සුළු මොහොතකට පෙර එනම් එරට වේලාවෙන් පස්වරු 5.00 ට ආරම්භ විය.

දෙරට ජනාධිපතිවරුන් අතර සාකච්ඡා පැවැත්වීමෙන් අනතුරුව අවබෝධතා ගිවිසුම් කිහිපයක් අත්සන් තැබීමට ද අපේක්ෂිතය.

මේ අතර, ශ්‍රී ලංකා ජනාධිපතිවරයා වෙනුවෙන් පැවැත්වීමට නියමිතවූ විශේෂ පිළිගැනීමේ උත්සවයක් මෙන්ම දෙරට රාජ්‍ය නායකයන් අතර සාකච්ඡා හා ගිවිසුම් අත්සන් කිරීම සඳහා කටයුතු සූදානම් කර තිබුණේ මෙසේය.

(වීඩියෝ : CCTV +)

Continue Reading

පුවත්

මේ වසරේ සුරාසැල් වැසෙන දින මෙන්න

Published

on

By

සුරාබදු දෙපාර්තමේන්තුව විසින් , 2025 වසරට අදාළව, මත්පැන් අලෙවි සැල් වසා තැබිය යුතු දිනයන් ප්‍රකාශයට පත් කර ඇත.

මේ අනුව වසර පුරා දින 18ක් සුරාසැල් වැසෙනු ඇති බව, සුරාබදු දෙපාර්තමේන්තුව දන්වා සිටී.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved