පුවත්

ඉන්දීය අගැමති අප්‍රේල් 04දා මෙරටට

Published

on

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය පිළිබඳව එරට විදේශ කටයුතු අමාත්‍යංශය විසින් නිල නිවේදනයක් නිකුත් කර තිබේ.

එම නිවේදනයේ දැක්වෙන්නේ ශ්‍රී ලංකා ජනපති ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනය මත, මෝදි මහතා අප්‍රේල් මස 04 – 06 දක්වා ශ්‍රී ලංකාවේ රාජ්‍ය සංචාරයක නිරත වෙනු ඇති බවයි.

මෙම සංචාරය තුළදී ඔහු මෙරට ජනාධිපතිවරයා හා අග්‍රාමාත්‍යවරිය මෙන්ම, ජ්‍යෙෂ්ඨ දේශපාලන නායකයින් කිහිප දෙනෙකු ද හමුවීමට නියමිතය.

මේ අතර, මෙරට විදේශ කටයුතු අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ මෙම සංචාරය තුළදී මෝදි මහතා අනුරාධපුර ජය ග්‍රී මහා බෝධීන් වහන්නේ වැඳපුදා ගැනීමටත්, ඉන්දීය රජයේ සහාය ඇතිව මෙරට ක්‍රියාත්මක වන ව්‍යාපෘති කිහිපයක් විවෘත කිරීමටත් නියමිත බවයි.

එමෙන්ම දෙරට අතර අත්සන් තබන ලද අවබෝධතා ගිවිසුම් කිහිපයක් ද මේ සංචාරය තුළදී හුවමාරු කරගැනීමට ද නියමිත බවද එහි දැක්වේ.

මෙම සංචාරයට ඉන්දීය විදේශ අමාත්‍යවරයා, එරට ජාතික ආරක්ෂක උපදේශකවරයා, ඉන්දීය විදේශ ලේකම්වරයා ඇතුළු තවත් ජ්‍යේෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකු එක්වීමට නියමිත බවද එම නිවේදනය වැඩිදුරටත් සඳහන් කරයි.

Trending

Exit mobile version