පුවත්

ඉන්දීය ධීවරයින් 17ක් අත්අඩංගුවට

Published

on

මන්නාරම ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධිව ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 17 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

නාවික හමුදාව පැවසුවේ, එහිදී ධීවර යාත්‍රා දෙකක්ද සිය භාරයට ගත් බවය.

අදාළ පිරිස හා යාත්‍රා ධීවර දෙපාර්තමේන්තුවට භාරදීමට නියමිතව ඇතැයි නාවික හමුදාව පැවසීය.

වසරේ මේ දක්වා කාලය තුළ නීති විරෝධිව ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 546 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

නාවික හමුදාව පැවසුවේ, අදාළ කාල සීමාව තුළ යාත්‍රා 72ක් ද සිය භාරයට ගෙන ඇති බවය.

Trending

Exit mobile version