පුවත් ඉන්දීය නාවික හමුදා සබ්මැරීනයක් ලංකා මුහුදේ (ඡායා) Published 2 years ago on June 19, 2023 By editor ඉන්දීය නාවික හමුදාවට අයත් ‘අයි.එන්.එස්. වැගිර්’ සබ්මැරීනය නිල සංචාරයක් සඳහා කොළඹ වරායට අද (19) පෙරවරුවේ සේන්දු වී තිබේ. ශ්‍රී ලංකා නාවික හමුදාව එම සබ්මැරීනය නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගත්තේය. එම සබ්මැරීනය, දිගින් මීටර 67.5 ක් සහ නැව් මුළුව 60 ක ගෙන් සමත්විත වන අතර, එහි අණදෙන නිලධාරී ලෙස කොමාණ්ඩර් දිවාකර් එස් කටයුතු කරයි. මෙම නිල සංචාරයේදී, ජත්‍යන්තර යෝගා දිනය නිමිත්තෙන් බටහිර නාවික විධානයේදී පැවැත්වෙන යෝගා වැඩසටහනක් සඳහා සබ්මැරීනයේ නැව් මුළුව සහ ශ්‍රී ලංකා නාවික හමුදා සාමාජිකයින් සහභාගීවීමට නියමිත අතර එම සබ්මැරීනයේ මෙහෙයුම් ක්‍රියාකරීත්වය පිළිබඳව පැවැත්වෙන දැනුවත් කිරීමේ වැඩසටහනක් සඳහා ශ්‍රී ලංකා නාවික හමුදා නිලධාරීන් පිරිසක් සහභාගීවීමට ද නියමිතය. මෙම නිල සංචාරය නිමා කරමින් සබ්මැරීනය 22 වැනිදා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය. Related Topics:lkaSriLanka Trending පුවත්5 days ago මහරගම CIB Big City බොන වතුර බෝතලේත් වැඩි මිලට විකුණා මිලියනයක් දඩකයි පුවත්4 days ago මහජන බැංකුව කෝටි 9ක් හොරා කාලා; විමර්ශනයක් කරන්නැයි CIDයට අධිකරණයෙන් නියෝග පුවත්1 week ago පොලිස් ලොක්කෝ දෙකකගේ වත්කම් විමර්ශනයට ගොසිප්1 week ago හර්ෂණගේ අස් වීමෙන් හිස් වූ මන්ත්‍රී අසුනට නම් තුනක්??? පුවත්1 week ago ‘පොල්’ දෙසතිය යාපනයෙන් ඇරඹේ පුවත්1 week ago ඩොක්ටර් මහේෂි ගැන ඔබ දන්න තොරතුරු කියන්න