ඉන්දියාවේ 77 වන නිදහස් දිනය අදට (15) යෙදී තිබේ.
නිදහස් දිනයට අදාල සැමරුම් කොළඹදී ද අද පෙරවරුවේ පැවැත්වුණි.
නිදහස් දින සැමරුම් කොළඹ පිහිටි ‘ඉන්ඩියා හවුස්’ පරිශ්‍රයේදී අද පෙරවරුවේ පැවැත්වුනු අතර, එහිදී සිරිත් පරිදි මෙරට සිටින ඉන්දීය මහා කොමසාරිස්වරයා විසින් ඉන්දීය ධජය ඔසවා තිබුණි.
මෙම අවස්ථාවට ලංකාවේ සිටින ඉන්දීය ජාතිකයන් රැසක් සහභාගී වී තිබුණු බවත්, ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානයේ සිසු සිසුවියන් ඉදිරිපත් කළ විවිධ කලා අංග වලින් උත්සවයට වඩාත් වර්ණවත් වූ බවත් තානාපති කාර්යාලය සඳහන් කරයි.
‘ජාතිය පළමුව…නිරන්තරයෙන්ම පළමුව’ (Nation First, Always First”) යන්න මෙවර ඉන්දීය නිදහස් සැමරුමේ තේමාවයි.
මේ අතර, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන් නිදහස් දින ප්‍රධාන සැමරුම් උත්සවය අති උත්කර්ෂවත් ලෙස නවදිල්ලි නුවර රතු බලකොටුවේදී අද පැවැත්විනි.
එහිදී ජාතිය අමතමින් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මන්පූර් ප්‍රාන්තය අමතමින් පවසා සිටියේ මුළු රටම ඔවුන් සමග සිටින බවයි.
මෝදි මහතා තවදුරටත් පවසා සිටියේ 2047දී සියවැනි නිදහස් දිනය සමරන විට ඉන්දියාව සංවර්ධිත රටක් බවට පත්ව සිටිනු ඇතැයි තමාට විශ්වාස බවයි.