පුවත් ඉන්දීය මහකොමසාරිස් – කථානායක හමුවක් Published 2 years ago on November 29, 2023 By editor සිය සේවා කාලය අවසන් කර දිවයිනෙන් පිටව යාමට නියමිත ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා ඊයේ (28) කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී හමුවිය. පසුගිය කාලය තුළ ශ්‍රී ලංකාව මුහුණ දුන් ආර්ථික අර්බුදය හමුවේ ශ්‍රී ලංකාවට සහයෝගය දැක්වීමට ඉදිරිපත් වූ පළමු රට ඉන්දියාව බවත්, ඒ සඳහා සිය කෘතඥතාව පළ කරන බවත් කථානායකවරයා මෙහිදී සඳහන් කළේය. එමෙන්ම තම ධුර කාලය තුළදී ඉන්දීය මහ කොමසාරිස්වරයා ඉන්දු ශ්‍රී ලංකා සබඳතා වර්ධනය කිරීම සඳහා දැක්වූ සියලුම ආකාරයේ සහයෝගයන්ටද කථානායකවරයා සිය ස්තුතිය පුද කළේය.ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි මහතා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරන බවත් ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ඉන්දියාව සාධනීය ස්ථාවරයක සිටින බවත් ඉන්දීය මහ කොමසාරිස්වරයා මෙහෙදී ප්‍රකාශ කළේය.පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ද මේ අවස්ථාවට එක්ව සිටියාය. Related Topics:lkaSriLanka Trending පුවත්1 week ago 2025ට මුදල් වෙන් කළ ව්‍යාපෘති රැසක් අතරමඟ පුවත්1 week ago දුමින්ද දිසානායක රිමාන්ඩ් (Update) පුවත්4 days ago “පත්තර මල්ලී” හෙටින් ඉවරයි පුවත්5 days ago NEXTට පසු සේවක බිල්ල වැලිගම MICHELIN?; MICHELIN හි වැඩි කොටස ඉන්දියානු සියැට් ගනියි ඡායාරූප සටහන1 week ago නල්ලූර් කෝවිල සමීපයේ ඉදිකළ Barista අවන්හලට ප්‍රදේශවාසීන්ගෙන් විරෝධය (ඡායා) පුවත්2 days ago ආනයනික පළමු පොල් කිරි තොගය හෙට මුදා හැරේ