පුවත්

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා දිවයිනට  (UPDATE)

Published

on

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා නිල සංචාරයක් සඳහා අද (4) පෙරවරුවේ දිවයිනට පැමිණියේය.

ජයශංකර් මහතා මෙම සංචාරයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය හමුවීමට නියමිතව ඇත.


ඉන්දීය විදේශ ඇමති අද දිවයිනට

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්.ජෙයිශංකර් මහතා නිල සංචාරයක් සඳහා අද ( 04) දිවයිනට පැමිණේ.

විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසුවේ , ඔහු එම සංචාරයේදි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය හමුවීමට නියමිත බවය.

මීට අමතරව ඔහු විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතාද හමුවීමට සැලසුම් කර තිබේ.

ඉන්දීය විදේශ අමාත්‍යවරයා සමග එරට ඉහළ පෙළේ නියෝජිතයින් පිරිසක් ද දිවයිනට පැමිණීමට නියමිතය.

Trending

Exit mobile version