පුවත්

ඉන්දීය වීසා කාර්යාලය බින්ද කත ඇතුළු පහ රිමාන්ඩ්!

Published

on

ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයට අනුබද්ධ තුම්මුල්ල පිලිප් ගුණවර්ධන මාවතේ පිහිටි වීසා මධ්‍යස්ථානයේ සිදුවූ සොරකම සම්බන්ධයෙන් බම්බලපිටිය පොලිසිය අත්අඩංගුවට ගත් එම ආයතනයේ පවිත්‍රතා කටයුතු සිදුකරන සේවිකාව ඇතුළු පාස් දෙනා ලබන 27 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසිංහ මහතා අද (22) නියෝග කළේය.

එම වීසා මධ්‍යස්ථානයේ ප්‍රධාන දේශීය නියෝජිතවරිය රාජකාරි කටයුතු සඳහා පරිහරණය කළ ලැප්ටොප් පරිගණකය ඇතුළු තවත් දේපළ කිහිපයක් එහිදි සොරකම් කර ඇති බවත් සොරකම් කල භාණ්ඩ කිහිපයක් කිරුළපන ඇලට විසිකර තිබියදී සොයා ගත් බවත් පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

සැකකරුවන් සන්තකයේ තිබී ලැප්ටොප් දුරකථනයක්, ටැබ් යන්ත්‍රයක් සහ DVR යන්ත්‍රයක් අත්අඩංගුවට ගත් බව පොලිසිය අධිකරණ කරුණු ඉදිරිපත් කළේය.

සැකකරුවන් අතර සැකකාරියගේ සැකකාරියගේ අනියම් ස්වාමි පුරුෂයා ද සිටින බව පොලීසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් ප්‍රකාශ කළේය.

ඉකුත් 15 වැනිදා අලුයම් කාලයේදී ත්‍රීරෝද රථයකින් පැමිණ තිබූ තිදෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මෙම සොරකම සිදුකර පළාගොස් තිබුණි.

සබැඳි පුවත්:

ඉන්දීය වීසා කාර්යාලය බින්ඳේ ඇතුළෙම කතක්!

Trending

Exit mobile version