ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයට අනුබද්ධ තුම්මුල්ල පිලිප් ගුණවර්ධන මාවතේ පිහිටි වීසා මධ්‍යස්ථානයට හොර රහසේ ඇතුලු වී එහි තිබු ලැප්ටොප් පරිගණකයක්, සහ සී සී ටී වී කැමරාවේ දත්ත පටිගත වන ඩී වී ආර් යන්ත්රයන්, කැමරාවක් සොරා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් කාන්තාවක් ඇතුලු සැකකරුවන් පස් දෙනකු ඊයේ (21) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකාරිය එම කාර්යාලයේ තේ සෑදීම හා ශූද්ධ පවිත්‍ර කටයුතු වල නිරත (63) හැවිරිදි කම්කරු කාන්තාවක් බව පොලිසිය පවසයි.
මෙම කාර්යාලයේ දිනකට රුපියල් ලක්ෂ 30- 40 ක මුදලක් එක්රැස් වන බවත්, ඒවා සේප්පුවේ තබා ඇති බවට ඉහත සැකකාරිය ඇගේ (54) හැවිරිදි අනියම් පෙම්වතාට කළ දැනුම් දීමකට අනුව එම සැකකරු ගේ දැනුමී දී ම මත ඔහුගේ මිතුරකු මෙම සොරකම සිදුකර ඇති බවද පොලිසිය කියයි.
සැකකාරියගේ අනියම් සැමියාගේ මිතුරා තවත් සැකකරුවන් තිදෙනකු සමග ඉකුත් ඉකුත් (14) අලුයම ත්‍රිරෝද රථයකින් මෙම කාර්යාලට පැමිණ ඇති අතර, එක් සැකකරුවෙක් අවට ඔත්තු බලමින් සිටියදි සැකකරුවන් දෙදෙනකු එහි ජනේලයකින් කාර්යාලය වෙත ඇතුලු වී ඇති බව පොලිසිය කියයි.
සැකකරුවන් මුදල් සොයා එහි තෙමහල් ගොඩනැගිල්ලේ සැරිසරමින් ඇති බවත්, එහි සේප්පුව ඔවුනට විවෘත කර ගැනීමට නොහැකි වීම නිසා ප්‍රධාන නිලධාරිණ’යගේ ලැප්ටොල් පරිගනකය සහ සී සී ටී වී කැමරා උපකරණ (ඩී වී ආර් ) ගලවාගෙන පලාගොස් ඇත.
මේ සම්බන්ධයෙන් පොලිසිය එම මාර්ගයේ සී සී ටී වී කැමරා 100 ක් පමණ පරික්ෂා කර සැකකරුවන් සම්බන්ධයෙන් තොරතුරු හෙළිකරගෙන කිරුළපන ප්‍රදේශයේ එක් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන ඇත.
ඔහුගෙන් හෙළි වු තොරතුරු අනුව සෙසු සැකකරුවන් තිදෙනා හා සැකකාරිය අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
කාර්යාලයේ තිබී සොරාගත් ලැප්ටොප් පරිගනක යන්ත්‍රය සහ කැමරාව සැකකරුවන් දෙදෙනකුගේ නිවෙස් වල තිබී පොලිසිය සොයාගෙන ඇති අතර, ඩී වී ආර් යන්ත්‍රය කිරුළපන ප්‍රදේශයේ ඇලකට දමා තිබියදි පොලිසිය සොයාගෙන ඇත.
සැකකරුවන් සහ සැකකාරිය කිරුළපන හා වැල්ලවත්ත අවට ප්‍රදේශ වල පදිංචිකරුවන් බවද පොලිසිය පවසයි.
මෙම සොරකම හේතුවෙන් ඉකුත් (15) වැනි දින සිට වීසා මධ්‍යස්ථානය දින 5 ක් පුරා වසා දමා තිබු අතර, පසුගිය 20 වැනිදා එය යළි විවෘත කර තිබුණි.
සබැඳි පුවත්:
ඉන්දීය වීසා කාර්යාලට හොරු පැනලා; කන්ට්‍රි මැනේජර්ගේ ලැප්එක උස්සලා
Right to Know. Power to Change