Connect with us

පුවත්

ඉන්දීය සමාගමක් හැදූ දුම්රිය ස්ථාන අටක වගකීම් භාරගැනීම දුම්රිය ස්ථානාධිපතිවරුන් ප්‍රතික්ෂේප කරයි

Published

on

නවීකරණය වෙමින් පවතින උතුරු දුම්රිය මාර්ගයේ මහව සිට අනුරාධපුර දක්වා දුම්රිය ස්ථාන අටක වගකීම් භාරගැනීම දුම්රිය ස්ථානාධිපතිවරුන් විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

ඒ අදාළ මගෙහි ආන්ත්‍රාදායක සංඥා පද්ධතියක් සවි කිරීමට එය ඉදිකරමින් පවතින ඉන්දීය සමාගම උත්සාහකරමින් සිටින බවට චෝදනා කරමිනි.

දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා මාධ්‍යට පවසා ඇත්තේ මහව, අඹන්පොළ, සෙනෙරත්ගම, ගල්ගමුව, තඹුත්තේගම, තලාව, ශ්‍රාවස්ත්‍රිපුර, අනුරාධපුර යන දුම්රිය ස්ථානවල වගකීම් භාරගැනීම මෙසේ ප්‍රතික්ෂ‍ේප කර ඇති බවයි.

මහව සිට අනුරාධපුර දක්වා දුම්රිය මාර්ගයේ සංඥා පද්ධතිය දුම්රිය දෙපාර්තමේන්තුව මගින් මුළුමනින්ම ගලවා ඉවත් කර තිබෙන බවත් ඒ වෙනුවට ටෝකනයක් ලබාදෙන ආන්ත්‍රාදායක හා අකාර්යක්ෂම සංඥා පද්ධතියක් සවිකිරීමට උත්සහා කරන බවත් මෙය මගී ජීවිත මෙන්ම දුම්රිය සේවකයන්ගේද ජීවිත අනතුරේ හෙළන උත්සහයක් බවත් සුමේධ සෝමරත්න මහතා පෙන්වාදී තිබේ.

අනුරාධපුර සිට ඕමන්ත දක්වා කොටසේ ඉදිකිරීම් සාර්ථකව නිම කර ඇතත් මහව සිට අනුරාධපුර දක්වා කොටසේ සංඥා පද්ධතිය ගැන මෙතෙක් නිසි පියවරක් ගෙන නොමැති බවද ඔහු කියා සිටී.

මේ සම්බන්ධයෙන් ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම්වරයා සමගින් සාකච්ඡා කර සිය ස්ථාවරය ප්‍රකාශ කරන බවද ඔහු වැඩිදුරටත් මාධ්‍යට පවසා ඇත.

මහව සිට ඕමන්ත දක්වා දුම්රිය මාර්ගය නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය ඉන්දියානු සමාගමක් විසින් ආරම්භ කළේ පසුගිය වසරේදීය.

එහි පළමු අදියර ලෙස අනුරාධපුර සිට ඕමන්ත දක්වා කොටස ඉදිකර අවසන් කළ අතර මහව සිට අනුරාධපුර දක්වා කොටසේ ඉදිකිරීම් දෙවන අදියර යටතේ ආරම්භ වූයේ පසුගිය ජනවාරි මාසයේදීය.

දෙවන අදියරේ ඉදිකිරීම් අවසන් කර පසුගිය ජුනි 15 වැනිදා දුම්රිය මාර්ගය භාර දීමට ඉදිකිරීම් සමාගම පොරොන්දු වූවත් මාස එකහමාරකට වැඩි කාලයක් එම මාර්ගය භාරදීමට නොහැකි වූයේ ඉදිකිරීම් අවසන් නොවීම නිසාය.

ගල්ගමුව කාසිකොටේ ඉදිවන අලි මාරු වීම සඳහා සකස් කරන අලි බිංගියේ වැඩ කටයුතු අවසන් නොවීමත්, දුම්රිය නියාමකවරුන් දුම්රියෙන් ගල් ප්‍රවාහනය නොකොට වර්ජනය කිරීමත් වැනි හේතුන් මත ඉදිකිරීම් ප්‍රමාද වී තිබෙන බව මේ අතර වාර්තා වේ.

කෙසේ වෙතත් මේ මාසය අවසන් වීමට ප්‍රථම සියලුම නවීකරණ කටයුතු නිම කරමින් උතුරු දුම්රිය මාර්ගය යළි විවෘත කිරීමට සැලැසුම් කර ඇතැයි ද පැවසේ.

පුවත්

72 වන ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට

Published

on

By

අද (මැයි 31) ඉන්දියාවේ හයිද්‍රාබාද් හි පැවති 72 වන ලෝක රූ රැජින තරඟයෙන් ජයගැනීමට තායිලන්තයේ ඕපාල් සුචාතා මෙනවිය සමත් විය. 

දෙවැනි ස්ථානය ඉතියෝපියාවට ද තෙවැනි ස්ථානය පෝලන්තයට ද හිමිවිය. සිවුවැනි ස්ථානය හිමිවූයේ මාටිනික් වෙතටයි.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී විශිෂ්ට දස්කම් දැක්වූ ශ්‍රී ලංකාවේ අනුදි ගුණසේකර, තරගාවලියේ අවසන් 40දෙනා අයත් වන අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබීමට නොහැකි විය.

Continue Reading

පුවත්

ආසියාවේ පැතිර යන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේත්

Published

on

By

ආසියානු කලාපයේ මේ දිනවල පැතිරයමින් පවතින කොවිඩ් ප්‍රභේදය මෙරටින් ද හදුනාගෙන ඇති බව වෛද්‍ය පර්යේෂණ ආයතනය පවසයි.

වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෛරස රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ මහතා සදහන් කළේ ඔමික්‍රෝන් වෛරසයට අදාල අනු ප්‍රභේදයන් වන එල් එෆ් පොයින්ට් සෙවන් සහ එක්ස් එෆ් ජී යන අනු ප්‍රභේදය ආසාදිත රෝගීන් මෙරටින් වාර්තා වන බවය.

දිවයිනේ රෝහල් කිහිපයකින් ලබාගත් ජෛව සාම්පල වෛද්‍ය පර්යේෂණ ආයතනයට ලබාගෙන සිදු කළ පර්යේෂණ වලින් මේ බව තහවුරු වී ඇති බව විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ මහතා පැවසීය.

කෙසේ වෙතත් මෙම කොවිඩ් අනු ප්‍රභේද සම්බන්ධයෙන් අනිසි බියක් ඇති කරගත යුතු නොමැති බවද ඔහු අවධාරණය කළේය.

අවදානමට ලක්විය හැකි කාණ්ඩ ලෙස හදුනාගෙන ඇති ගර්භණී මව්වරුන්, වැඩිහිටියන් හා නිදන්ගත රෝගීන් මුඛ ආවරණ පැලඳීම, ජනතාව වැඩි වශයෙන් ගැවසෙන ස්ථානවල රැඳී නොසිටීම යනාදී සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම වැදගත් බවද සෞඛ්‍ය අංශ පෙන්වා දී තිබේ.

කොවිඩ් වෛරසයේ නව ප්‍රභේද විටින් විට පැතිර යන අතර මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ නිරන්තර අවධානයෙන් පසුවන බැවින් ඒ පිළිබඳව අනිසි බියක් ඇතිකර නොගත යුතු බවද විශේෂඥ වෛද්‍ය ජුඩ් ජයමහ මහතා සදහන් කළේය.

මේ අතර ගාල්ල ජාතික රෝහලේ දී පසුගියදා මියගිය මාස එකහමාරක් වයසැති බිලිඳෙකුටද කොවිඩි ආසාදනය වි ඇති බවටද හඳුනාගෙන තිබේ.

අද දෙරණ සිදුකළ විමසීමකදී රෝහලේ අධ්‍යක්ෂවරයා පැවසුවේ අදාළ බිලිදාගේ ජෛව සාම්පල පරික්ෂාවකට කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනයට යොමුකිරිමෙන් අනතුරුව ඒ බව තහවුරු වි ඇති බවය.

කෙසේ වෙතත් එම වෛරසය ආසියාවේ මේ දිනවල පැතිරයමින් පවතින නව ප්‍රභේදය බවට හඳුනාගෙන නොමැති බවද ඔහු සදහන් කළේය.

(අදදෙරණ)

Continue Reading

පුවත්

අනුදි, අවසන් 40න් හැලෙයි

Published

on

By

2025 ලෝක රූ රැජින තරගාවලියේ අවසන් තරගකාරියන් 40 දෙනා අතරට එක්වීමට ශ්‍රී ලංකා නියෝජනය කළ සුරූපිනිය අනුදි ගුණසේකරට නොහැකි විය.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී ශ්‍රී ලංකාවට අභිමානයක් අත් කර දෙමින් අනුදි දස්කම් දැක්වූවාය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved