පුවත්

ඉන්දු – ලංකා ධීවර නියෝජිතයින් අතර සාකච්ඡාවක් කැඳවීමේ තීරණයක්

Published

on

ඉන්දු – ශ්‍රී ලංකා ධීවර ගැටලුව සම්බන්ධයෙන් දෙරටේ ධීවර නියෝජිතයින් අතර කඩිනම් සාකච්ඡාවක් පැවැත්වීමට ත‍ීරණය කර තිබේ.

මෙම තීරණයට එළඹ ඇත්තේ අදාළ ගැටලුව සම්බන්ධයෙන් ඉන්දු – ශ්‍රී ලංකා ධීවර නිලධාරීන් අතර ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේදී පැවති සාකච්ඡාවකදීය.

කෘෂිකර්ම හා ධීවර අමාත්‍යාංශ ලේකම් එන්. එම්. වික්‍රමසිංහ මහතා පැවසුවේ, සාකච්ඡා සඳහා ඉන්දීය ධීවර දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු නියෝජිතයින් 12 දෙනෙකුගෙන් යුත් පිරිසක් සහභාගි වූ බවය.

මේ අතර මැතිවරණයෙන් පසු පත්වන නව ධීවර අමාත්‍යවරයාගේ මූලිකත්වයෙන් දෙරටේ අමාත්‍ය මට්ටමේ සාකච්ඡාවක් ද පැවැත්වීමට සැලසුම් කර ඇති බව අමාත්‍යාංශය ප්‍රකාශ කලේය.

Trending

Exit mobile version