කන්කසන්තුරේ සහ ඉන්දියාවේ නාගපට්ටිනම් අතර ආරම්භ කිරීමට නියමිතව තිබූ මගී යාත්‍රා දින නියමයක් නොමැතිව කල් දමා තිබේ.
මෙම සේවාව නැවත ආරම්භ කිරීමට තීරණය කර තිබුණේ, මැයි මස 19 වැනි දිනය.
මේ සඳහා යොදා ගැනීමට සැලැසුම් කර තිබූ නෞකාවට මුහුදු ගමන සඳහා අනුමැතිය ලැබී නොමැති බව සඳහන්ය.
එමෙන් ම පවතින අයහපත් කාලගුණ තත්ත්වය මගී යාත්‍රා සේවය කල්දැමීමට හේතුවක් වී තිබේ..
කන්කසන්තුරේ සිට නාගපට්ටිනම් දක්වා වන මෙම නෞකා සේවය මීට පෙර අවස්ථා දෙකක දී කල් දැමීම සිදුවිය.
මෙම නෞකා සේවය පසුගිය වසරේ ඔක්තෝබර් මස 14 වනදා ආරම්භ වූ අතර උතුරු පළාතේ පැවැති වැසි තත්ත්වය හේතුවෙන් එම මස 23 වැනිදා අත්හිටුවීම සිදුවිය.