Connect with us

පුවත්

“ඉන්න බැරි සේරම යන්න”

Published

on

මෙවර ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය නොදෙන ආණ්ඩු පාර්ශ්වය නාමිකව නියෝජනය කරන සියලු මැති ඇමතිවරුන්ට ඉවත්ව යන ලෙස දැනුම්දී ඇති බව වාර්තා වේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම තීරණය ගෙන ඇත්තේ ඔහුට සහාය දක්වන මැති ඇමතිවරුන් ඇතුළු පක්ෂ සංවිධාන රැසක ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ මොහොතේ තීරණාත්මකව ජනාධිපතිවරයාට සහාය නොදක්වන දක්වන පිරිස් ආණ්ඩුවේ නමින් තබාගෙන සිටීම කිසිඳු ප්‍රයෝජනයක් නොමැති බවටත්ල අදාළ පුද්ගලයින් තමන් මැතිවරණය සම්බන්ධව ගන්නා තීන්දු තීරණ විරුද්ධ පාර්ශව වෙත ලබාදෙමින් දේශපාලන සූදුවක නිරතවන බවටත් හෙළි වී ඇති බවත් වාර්තා වේ.

එබැවින් තීරණාත්මක මොහොතේ සහාය නොදක්වන පිරිස ඉවත්කර ජනාධිපතිවරණයේ ඉදිරි කටයුතු තමන්ට නිදහසේ කරගෙන යාමට අවස්ථාව සලසන ලෙසයි අදාළ පිරිස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත.

වැඩිදුරටත් වාර්තා වන ආකාරයට ඊයේ (05) රාජ්‍ය අමාත්‍යවරුන් 4 දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි එම ධූර වලින් ඉවත් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කර ඇත්තේද මේ ඉල්ලීම සලකා බැලීමෙන් අනතුරුවය.

එසේම තවත් රාජ්‍ය අමාත්‍යවරුන් කිහිප දෙනෙකු මෙන්ම හඳුනාගත් මන්ත්‍රීවරුන් පිරිසකට අවවාදාත්මක දැනුම්දීමක් සිදුකර ඇති බවද දැනගන්නට ඇති අතර ඒ ජනාධිපතිවරණය තීරණාත්මක අදියරකට පැමිණ ඇති මොහොතේ ආණ්ඩුවේ කියා වැනෙමින් නොසිට තීන්දුවක් ගන්නා ලෙසය.

මෙම දැනුම්දීම අනුව රාජ්‍ය අමාත්‍යවරුන් කිහිපදෙනෙකු තමන්ව ධුර වලින් ඉවත් නොකරන ලෙසත් ඒ වෙනුවට ඉල්ලා අස්වීමට අවස්ථාව ඉල්ලා ඇති බවත් දැනගන්නට ලැබී තිබේ.

පුවත්

පළාත් පාලන සභාපතිලාගේ නම් අතුළත් ගැසට්ටුව නිකුත් කරයි

Published

on

By

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් පළාත් පාලන ආයතන සඳහා නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, සභාපති සහ උප සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ඒ අනුව දිස්ත්‍රික්ක 21ක් සඳහා පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අතුරින් අදාළ තනතුරු සඳහා වූ නම් ගැසට් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කර ඇත.

එම ගැසට් නිවේදනය පහතින්,

පළාත් පාලන ආයතනවල සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කෙරේ by poornima

Continue Reading

පුවත්

කඩුවෙල NSB බැංකු ශාඛාවේ කෝටි 13ක වංචාවේ කත රිමාන්ඩ්

Published

on

By

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) කඩුවෙල ශාඛාවේ අයකැමිවරයකු එම බැංකුවේ තිබූ රුපියල් කෝටි දහතුනහමාරක මුදලක් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මුදල් බැර කර තිබූ එක් ගිණුමක හිමිකාරියක වන 29 හැවිරිදි තරුණ කාන්තාවක ජුනි මස 13 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කඩුවෙල වැඩබලන මහේස්ත්‍රාත් හේමන්ත වෙත්තසිංහ මහතා ඊයේ (31) දින නියෝග කළේය.

සැකකාරියට අයත් බැංකු ගිණුමකට රුපියල් ලක්ෂ පණහකට ආසන්න මුදලක් සැකකාර අයකැමිවරයා බැර කර ඇති අතර පසුව සැකකාරිය විසින් වෙනත් ගිණුමකට අදාල මුදල බැර කර ඇති බවත් ඒ වෙනුවෙන් සැකකාරියට මුදලක් ලැබී ඇති බවත් මෙහිදී කඩුවෙල පොලිසියේ නිළධාරීන් අධිකරණය වෙත කරුණු දක්වන ලදී.

ඒ අනුව සැකකාරිය රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් වැඩිදුර විමර්ශණ කටයුතුවල ප්‍රගතිය ජුනි මස 13 වන දින අධිකරණයට ඉදිරිපක් කරන ලෙසද නියෝග කළේය

අදාල සිද්ධියට සම්බන්ධ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) බැංකුවේ අයකැමිවරයා ද ජුනි මස 13 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා පෙරේදා (30) දින නියෝග කළේය.

Continue Reading

පුවත්

72 වන ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට

Published

on

By

අද (මැයි 31) ඉන්දියාවේ හයිද්‍රාබාද් හි පැවති 72 වන ලෝක රූ රැජින තරඟයෙන් ජයගැනීමට තායිලන්තයේ ඕපාල් සුචාතා මෙනවිය සමත් විය. 

දෙවැනි ස්ථානය ඉතියෝපියාවට ද තෙවැනි ස්ථානය පෝලන්තයට ද හිමිවිය. සිවුවැනි ස්ථානය හිමිවූයේ මාටිනික් වෙතටයි.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී විශිෂ්ට දස්කම් දැක්වූ ශ්‍රී ලංකාවේ අනුදි ගුණසේකර, තරගාවලියේ අවසන් 40දෙනා අයත් වන අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබීමට නොහැකි විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved