ඊයේ විරෝධතාවයේදී තුවාල වූ අයෙකු මියයයිඊයේ දිනයේ දී (26) පැවති ජාතික ජනබලවේගයේ විරෝධතාව අතරතුර ඇතිවූ සිද්ධියෙන් පසු රෝහල්ගත කෙරුණු පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වී තිබේ.
එම විරෝධතාව අතරතුර ඇතිවූ සිද්ධියෙන් පසු රෝහල්ගත කෙරුණු නිවිතිගල ප්‍රාදේශීය සභා අපේක්ෂක නිමල් අමරසිරි මහතා මෙසේ මියගොස් ඇති බව ජනතා විමුක්ති පෙරමුණු ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කළේය.
මෙලෙස අහිමි වූ ජීවිතයේ වගකීම රනිල් වික්‍රමසිංහ ජනපති ප්‍රමුඛ ආණ්ඩුව භාරගත යුතු බව ඔහු මෙහිදී පැවසීය.
ජාතික ජන බලවේගය මැතිවරණය ඉල්ලා කළ මෙම විරෝධතාව අතරතුර ඇතිවූ සිද්ධියෙන් 28 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කෙරිණ.
මේ අතර, මෙම සිද්ධිය සම්බන්ධයෙන් පැය 24ක කාලයක් තුළ වාර්තාවක් ලබාදෙන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පොලිස්පතිවරයාට දැනුම් දී තිබේ.