Connect with us

පුවත්

ඊශ්‍රායලයේ ආරක්ෂාව තහවුරු කරමින් පලස්තීන රාජ්‍ය පිහිටුවීමට ලංකාවේ සහය

Published

on

ඊශ්‍රායලයේ ආරක්ෂාව තහවුරු කරමින් පලස්තීන රාජ්‍ය පිහිටුවීමට ලංකාවේ සහයජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඊශ්‍රායලයේ ප්‍රවාහන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය බ්‍රිගේඩියර් ජෙනරල් මිරි රෙගෙව් (Brig. Gen. Miri Regev) මහත්මිය අතර හමුවක් ජනාධිපති කාර්යාලයේ දී සිදුවිය.

හමාස් සටන්කාමීන් විසින් ප්‍රාණ ඇපයට ගත් ඊශ්‍රායල ජාතිකයන් ආපසු ගෙන්වා ගැනීමට ඊශ්‍රායලයට ශ්‍රී ලංකාවේ සහාය අඛණ්ඩව හිමිවන බවත්, ගාසා තීරයේ ගැටුම් වහා නැවැත්විය යුතු බවත් ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය.

ඊශ්‍රායල රාජ්‍යයේ ආරක්ෂාව තහවුරු කරමින් පලස්තීන රාජ්‍ය පිහිටුවීම සඳහා ශ්‍රී ලංකාව සහාය පළ කරන බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදි වැඩිදුරටත් සඳහන් කළේය.

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක සහ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ අධ්‍යක්ෂ දිනුක් කොළඹගේ යන මහත්වරු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

(ජනාධිපති මාධ්‍ය අංශය)

පුවත්

සජබේ අවුලක්: තවත් තිදෙනෙක් ඉල්ලා අස්වෙයි

Published

on

By

ජාතික සමගි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික්කයේ ආසන සංවිධායකවරුන් තිදෙනෙකු අද (24) සිට සිය ආසන සංවිධායක ධූරවලින් ඉවත් වීමට තීරණය කර තිබේ.

මෙසේ ආසන සංවිධායක ධූරවලින් ඉවත්ව ඇත්තේ, මාතලේ ප්‍රධාන සංවිධායක වසන්ත අලුවිහාරේ, දඹුල්ල ප්‍රධාන සංවිධායක චම්පික විජේරත්න සහ රත්තොට ආසන සංවිධායකවරයා වන රජිත් අලුවිහාරේ යන තිදෙනාය.

හිටපු රාජ්‍ය අමාත්‍යය රජිත් අළුවිහාරේ මහතා පවසන්නේ, ඔවුන් තිදෙනාම සමගි ජන බලවේගයේ ආසන සංවිධායක ධූරවලින් ඉල්ලා අස්වීමේ ලිපි භාරදීමට නියමිත බවය.

දිගින් දිගටම පක්ෂය මගින් සිදු කරන ලද විවිධ කෙනෙහිලි කම් නිසා මෙම තීරණය ගත් බවත් තවත් බොහෝ පිරිසක් මේ ආකාරයෙන් තම ආසන සංවිධායක ධූරවලින් විසිහතර දින ඉල්ලා අස්වීමේ ලිපි භාරදීමට නියමිතව තිබෙන බවත් රජිත් අලුවිහාරේ මහතා පවසා තිබේ.

Continue Reading

පුවත්

විභාග දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක්

Published

on

By

අද (24) සහ හෙට (25) දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය හා 2024 සාමාන්‍ය පෙළ සෞන්දර්ය ප්‍රායෝගික පරීක්ෂණවලට පෙනී සිටින සිසුන්ට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් විශේෂ දැනුම් දීමක් කර තිබේ.

විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත්තේ යම් සිසුවෙකුට එම විභාග දෙකටම එකම දිනයකදී පෙනි සිටීමට සිදුව ඇත්නම්, ඔවුන්ට අ.පො.ස. සාමාන්‍යපෙළ ප්‍රායෝගික පරීක්ෂණ සඳහා වෙනත් දිනයක් ලබා ගත හැකි බවය.

ඒ සඳහා තමන් වෙත ලැබී ඇති ප්‍රවේශ පත්‍රය සහ දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය සඳහා නිකුත් කරන ලද ප්‍රවේශ පත්‍රය හෝ එහි සහතික කළ පිටපතක් ලබන අඟහරුවාදාට පෙර අදාළ අධ්‍යාපන කලාපයේ සෞන්දර්ය අධ්‍යාපන අධ්‍යක්ෂ වෙත ඉදිරිපත් කළ යුතු බව ද ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

Continue Reading

පුවත්

නිළි රැජිනගේ අවසන් කටයුතු අනිද්දා

Published

on

By

හෙළ සිනමාවේ නිළි රැජින අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පිනී මාලිනී ෆොන්සේකා මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව එළැඹෙන 26වනදා කොළඹ නිදහස් චතුරශ්‍රයේදී සිදුකිරීමට නියමිතව ඇත

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved