පුවත්

ඊශ්‍රායල් රැකියා වලට යන ලාංකිකයින්ට නිවේදනයක්

Published

on

ඊශ්‍රායල් ජනගහන හා සංක්‍රමණ අධිකාරියේ හා විදේශ අමාත්‍යාංශයේ අවසර ලබා ගැනීමෙන් අනතුරුව පමණක් මින් ඉදිරියට ඊශ්‍රායලයේ රැකියා සඳහා ශ්‍රී ලාංකිකයින් යොමු කිරීමට විදේශ රැකියා නියුක්ති කාර්යාංශය තීරණය කර තිබේ.

ඊශ්‍රායල් – පලස්තීන ගැටුම් හේතුවෙන් ඇති වී තිබෙන අනාරක්ෂිත තත්ත්වය මත මෙම තීරණයට එළඹි බව  නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ගාමිණි සෙනරත් යාපා මහතා සඳහන් කර ඇත  .

තවද එරටින් පිටවීමට අවශ්‍ය නම් ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට ඒ සඳහා අවස්ථාව පවතින බව ද  ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා සඳහන් කරයි .

(මුලාශ්‍රය – නිවුස් ෆස්ට්)

Trending

Exit mobile version