පුවත්

ඊළඟ ඡන්දෙටත් ගෑස් සිලින්ඩරය ගන්න පුළුවන්ද කියලා බලනවා

Published

on



ඉදිරි මහ මැතිවරණයට තරග කරන්නේ කුමන ලකුණක් යටතේ ද යන්න අනිද්දාට පෙර ප්‍රකාශයට පත් කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ පවසයි.

ඔහු මේ බව පැවසුවේ, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවති එක්සත් ජාතික පක්ෂයේ විශේෂ රැස්වීමකින් අනතුරුවය.

එහිදී සමඟි ජනබලවේගය සමඟ සිදු කරන සාකච්ඡා සම්බන්ධයෙන් සහ පක්ෂ මහලේකම් ධූරය සම්බන්ධයෙන් සාකච්ඡා වී තිබෙනවා.

එම සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පල කල ඔහු කියා සිටියේ, එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එක්ව මැතිවරණයට ඉදිරිපත් වීම සම්බන්ධයෙන් සාකච්ඡා ඉදිරියටත් පවත්වා ගෙන යාමට කටයුතු කරන බවය.

එමෙන්ම ජනාධිපතිවරණයේදී තම පාර්ශවට ලබා දුන් ගෑස් සිලින්ඩරය ලකුණු මහමැතිවරණයට තරඟ කිරීමේදී මැතිවරණ කොමිෂන් සභාවෙන් ලබා ගත හැකිද වීමසන අතර, එය ලැබුණහොත් එම සලකුණින් ඉදිරියට යන්න කටයුතු කරන බව ඔහු කියා සිටියේය.

Trending

Exit mobile version