පුවත්

උඩරට දුම්රිය ධාවනය පෙර පරිදිම

Published

on

කොළඹ කොටුව හා බදුල්ල අතර දුම්රිය ධාවනය අද (04) සිට යථාතත්වයට පත්ව ඇතැයි දුම්රිය පාලක මැදිරි කාර්යාලය පැවසීය.

උඩරට දුම්රිය මාර්ගයේ කොටගල හා හැටන් අතර පීලි පැනීමට ලක් වූ කොළඹ සිට බදුල්ල දක්වා ධාවනය වූ දුම්රිය ඊයේ (03) රාත්‍රියේම පීලි ගත කළ බවත් ඒ අනුවඋඩරට මාර්ගයේ දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි ධාවනය කිරීමට පියවර ගත් බවද පාලක මැදිරි කාර්යාලයේ නිලධාරියකු පැවසීය.

මේ වනවිට ඛදුල්ල දුම්රිය ස්ථානයෙන් උඩරට මැණිකේ හා පොඩිමැණිකේ දුම්රිය දෙක පිටත්ව කොළඹ කොටුව බලා ධාවනය කෙරෙන බවත් පැවසිය.

මේ අතර කොළඹ කොටුවෙන් බදුල්ල දක්වා ධාවනය කිරීමට නියමිත දුම්රියවල ප්‍රමාදයක් පවතින බව දුම්රිය දෙපාර්තමෙන්තු උසස් නිලධාරියකු පැවසීය.

Trending

Exit mobile version