පුවත්

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට (Update)

Published

on

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත් කර තිබේ. 

තලවකැලේ හා වටගොඩ අතර දුම්රියක් අද (23) උදෑසන පීලි පැනීමෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා මතු විය.

———————————————–

(පෙර පුවත 2023 ජුනි 23, පෙ.ව.11:40)

උඩරට මාර්ගයේ දුම්රියක් පීලි පනී

අද (23) උදෑසන මහනුවර සිට බදුල්ල බලා ධාවනය වූ භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් පීලිපැනීම හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් පවතියි.

දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ තලවකැලේ සහ වටගොඩ දුම්රිය ස්ථාන අතර ප්‍රදේශයේදී මෙම දුම්රිය පීලිපැනීමට ලක්වී ඇති බවය.

දුම්රිය පීලිගත කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බව පවසන දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

මේ අතර, බදුල්ල සිට කොළඹ බලා ධාවනය වන උඩරට මැණිකේ දුම්රියේ සහ කොළඹ සිට බදුල්ල බලා ධාවනය වන පොඩි මැණිකේ දුම්රියේ මගීන්, අනතුර සිදුවූ ස්ථානය ආසන්නයේදී දුම්රිය දෙකට මාරු කිරීමට පියවර ගන්නා බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

Trending

Exit mobile version