Connect with us

පුවත්

උතුරේ හර්තාලයක්; කඩ වැහිලා; පාසල් ළමුන්ගේත් අඩුවක්

Published

on

උතුරු පළාතේ වෙළෙඳ ව්‍යාපාරිකයෝ අද (28) සිය ව්‍යාපාරික ස්ථාන වසා දමා හර්තාලයක නිරත වී ඇත.

මේ හර්තාලය අරඹා ඇත්තේ මුලතිව්, කොක්කුතුඩුවායි ප්‍රදේශයෙන් අස්ථි කොටස් හමුවීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයකට ඉඩලබා දෙන ලෙස ඉල්ලා සිටිමිනි.

යාපනය , මුලතිව් , කිලිනොච්චිය , මන්නාරම හා වවුනියාව දිස්ත්‍රික්කයන් හි සියළු ව්‍යාපාරික ස්ථාන වසා දමා හර්තාලයට සහය පලකොට ඇතැයිද වාර්තා වේ.

කෙසේවුවද, අත්‍යවශ්‍ය සේවා සඳහා බාධා එල්ලවී ඇතැයි පැවසේ.

උතුරු පළාතේ ධාවනය වන පෞද්ගලික බස්රථ, ත්‍රීරෝද රථ සහ වෙනත් පොදු ප්‍රවාහන සේවා ද ධාවනයෙන් ඉවත්ව හර්තාලයට සහය පලකිිරීම හේතුවෙන් පාසල් අධ්‍යන කටයුතු සහ පාසල් වෙත ළමුන්ගේ පැමිණීම අඩුවීක් ද දක්නට ඇතැයි වාර්තා වේ.

ගමනා ගමන පහසුකම් නොමැතිවීමෙන් රාජ්‍ය ආයතනවලටද දැඩි බලපෑමක් ඒල්ලව ඇති බව මාධ්‍ය වාර්තා කර තිබේ.

කොක්කුතුඩුවායි ප්‍රදේශයේ ජනතාවට පානීය ජලය ලබාදීම සඳහා ජලසම්පාදන මණ්ඩලයේ සේවකයන් පිරිසක් පසුගිය ජුනි 29 වැනිදා බැකෝ යන්ත්‍රයකින් කාණු කපා ජල නළ එළීමේදී පොළව යට තිබී මිනිස් අස්ථි කොටස් හා හමුදා නිලඇඳුමකට සමාන ඇඳුම් කොටස් කිහිපයක් හමුවිය.

කෝකිලායි පොලිසිය මුලතිව් මහෙස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ අදාළ ස්ථානයේ කැණීම් සිදුකළ අතර එහිදී මිනිස් අස්ථි කොටස් කිහිපයක් හා හමුදා නිල ඇඳුමකට සමාන ඇඳුම් කොටස් කිහිපයක් සොයාගෙන තිභිණි.

එය යුද සමයේ මියගිය එල්.ටි.ටි.ඊ. කාන්තා සෙබලියකගේ සිරුරක කොටස් බවට විමර්ශන නිලධාරීන් මේ වන විට හඳුනාගෙන තිබේ.

කැබිනට් තීරණ

බඩඉරිඟු ආනයනයට කැබිනට් අනුමැතිය

Published

on

By

ත්‍රිපෝෂ නිෂ්පාදනයට අවශ්‍ය ප්‍රමිතිගත බඩඉරිඟු ආනයනය සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව දේශීයව බඩ ඉරිඟු සපයා ගැනීමට ඇති අපහසුව සැලකිල්ලට ගෙන වසරකට අවශ්‍ය නිසි ප්‍රමිතියෙන් යුතු බඩඉරිඟු ආනයනය කිරීමට ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ලිමිටඩ් ආයතනය වෙත ආනයන බලපත්‍රයක් නිකුත් කිරීමට සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ලිමිටඩ් සඳහා වාර්ෂික බඩඉරිඟු අවශ්‍යතාව මෙට්‍රික්ටොන් 18,000ක් වන අතර මාසිකව අවශ්‍යතාව මෙට්‍රික්ටොන් 1,500කි.

සියලූම ගර්භණී මව්වරුන්ට, කිරිදෙන මව්වරුන්ට සහ මන්දපෝෂණයෙන් පෙළෙන මාස 6ට වැඩි ළඳරුවන් හා අවුරුදු 5ට අඩු දරුවන් සඳහා ත්‍රිපෝෂ ලබාදෙනු ලැබේ.

එහිදී ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා බඩඉරිඟු සහ සෝයා බෝංචි ප්‍රධාන අමුද්‍රව්‍යයන් ලෙස යොදා ගනී.

Continue Reading

කැබිනට් තීරණ

කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව (සජීවී විකාශය)

Published

on

By

අද (03) කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව ආරම්භ විය.

ඒ, කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙනි.

එම සජීවි දර්ශන පහතින්  නරඹන්න.

සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේ තීරණ දැනුම්දීම – 2025-06-03

සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේ තීරණ දැනුම්දීම – 2025-06-03

Posted by Department of Government Information – Sri Lanka on Tuesday, June 3, 2025

Continue Reading

පුවත්

දේශබන්දු අද විමර්ශන කමිටුව හමුවට

Published

on

By

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයේ විෂමාචාර සහ බලතල අනිසි ලෙස යොදා ගැනීම සම්බන්ධයෙන් විමර්ශනයට පත්කළ කමිටුව හමුවේ අද(03) යළිත් පෙනී සිටීමට නියමිතය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීතිපද්මන් සූරසේන මහතාගේ සභාපතිත්වයෙන් යුත් එම විමර්ශන කමිටුව අද(03) පස්වරු 2ට රැස්වීමට නියමිතව තිබේ.

චෝදනාවලට අදාලව නීතිපති දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කරන සාක්ෂි සම්බන්ධයෙන් දිවුරුම් ප්‍රකාශ ඉදිරිපත් කිරිම අද (03) සිදු කෙරෙනු ඇත.

නීතීපති දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කරන සාක්ෂිවලට අදාල දිවුරුම් ප්‍රකාශ සම්බන්ධයෙන් වග උත්තරකාර පොලිස්පතිවරයාගේ පාර්ශ්වයේ ස්ථාවරය 09 වැනිදා ඉදිරිපත් කිරිමට තීරණය කලේය.

ඉන් අනතුරුව වාචික සාක්ෂි කැඳවීම සහ හරස් ප්‍රශ්ණ ඇසීම එළඹෙන 11 වැනිදා සිදු කිරිමට නියමිතය.

ඉන් පසු 16 වැනිදා සිට දිනපතා පෙරවරු 9.30 සිට පරික්ෂණ කමිටුව රැස්විමට නියමිතය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved